සමාධි භාවනා සුත්‍රය
--------------------------
සමාධින් භික්ඛවේ භාවේත - මහණෙනි සමාධිය වඩන්න
සමාහිතෝ භික්ඛවේ භික්ඛු යතාභුතන් පජානාති - සමාධිය වැඩුනු විට යථාභූථ ඥානය ලැබේ
කිංච යථාභූථං පජානාති? - කුමක්ද යථභූථ වශයෙන් දකින්නේ?
රුපස්ස සමුදයන්ච අත්තන්ගමන්ච - රුපයේ ඇතිවීම සහ නැතිවීම
වේදනාය සමුදයන්ච අත්තන්ගමන්ච - වේදනාවේ ඇතිවීම සහ නැතිවීම
සඥ්ඥාය සමුදයන්ච අත්තන්ගමන්ච - සඥ්ඥාවේ ඇතිවීම සහ නැතිවීම
සන්කාරානන් සමුදයන්ච අත්තන්ගමන්ච - සංස්කාරයේ ඇතිවීම සහ නැතිවීම
විඥ්ඥානස්ස සමුදයන්ච අත්තන්ගමන්ච - විඥ්ඥානයේ ඇතිවීම සහ නැතිවීම
කොච භික්ඛවේ රුපස්ස සමුදයෝ? - කුමක්ද මහණෙනි රූපයෙහි ඇතිවීම කියන්නේ?
කෝ වේදනාය සමුදයෝ? - කුමක්ද වේදනාවෙහි ඇතිවීම කියන්නේ?
කෝ සඥ්ඥාය සමුදයෝ? - කුමක්ද සඥ්ඥාවේ ඇතිවීම කියන්නේ?
කෝ සන්කාරානන් සමුදයෝ? - කුමක්ද සංස්කාරයේ ඇතිවීම කියන්නේ?
කෝ විඥ්ඥානස්ස සමුදයෝ? - කුමක්ද විඥ්ඥානයේ ඇතිවීම කියන්නේ?
ඉධ භික්කවේ භික්කු - මේ සාසනයේ මෙසේ දැනගත් භික්ෂුව
අභිනන්දති, අභිවදති , අජ්ජෝසාය තිට්ටති - සතුටු වෙනවා නම් , හොඳයි යහපතැයි කියනවා නම් , එහි බැසගන්නවා නම්
කිංච අභිනන්දති, කිංච අභිවදති, කිංච අජ්ජෝසාය තිට්ටති - කුමකින්ද සතුටු වන්නේ, කුමක්ද හොඳයි යහපතැයි කියන්නේ, කුමකද බැස ගන්නේ?
රුපන් අභිනන්දති, අභිවදති , අජ්ජෝසාය තිට්ටති - රුපය ගැන සතුටු වෙනවා නම් , රුපය හොඳයි යහපතැයි කියනවා නම්, රුපයේ බැස ගන්නවානම්
තස්ස රුපන් අභිනන්දතෝ , අභිවදතෝ , අජ්ජෝසාය තිට්ටතෝ - මෙසේ රුපය ගැන සතුටු වෙනවා නම් , රුපය හොඳයි යහපතැයි කියනවා නම්, රුපයේ බැස ගන්නවානම්
උප්පජ්ජති නන්දි - රුපය කෙරෙහි කැමැත්ත උපදිනවා
යා රූපේ නන්දි තදූපදානං - එසේ කැමැත්ත උපන්නොත් එම කැමැත්තමයි උපාදානය වන්නේ
උපාදාන පච්චයා භව, භව පච්චයා ජාති , ජාති පච්චයා ජරා මරණන්, සෝක පරිදේව දුක්ක දෝමනස්ස උපයාසා සම්භවන්ති. ඒව මේ තස්ස කේවලස්ස දුක්කකන්දස්ස සමුදයෝ හෝති.
වේදනාව, සඥාව, සංස්කාර , විඥ්ඥානය ආදියෙහි සමුදය ද ඉහත අයුරින් දත යුතුය.
No comments:
Post a Comment