Wednesday, August 15, 2012

ධර්මාවබෝධය තුලින් මාර්ගඵල ලැබීම.


ප්‍රශ්නය:
ධර්මාවබෝධය පිණිස කුමක් මුලික වශයෙන් තිබිය යුතුද?

පිළිතුර: 
ධර්මාවබෝධය පිණිස මුලිකවම තිබිය යුත්තේ ශ්‍රද්ධාවයි. ශ්‍රද්ධාව සහිත ශ්‍රාවකයා අනෙකුත් ඉන්ද්‍රිය ධර්ම පුබුදු කරගන්නවා. ඒ කියන්නේ වීර්ය, සතිය, සමාධිය, ප්‍රඥාව කියන අනෙකුත් ඉන්ද්‍රිය ධර්ම. ඉන්ද්‍රිය ධර්ම දියුණු වෙනකොට ප්‍රඥාව වැඩෙනවා. ප්‍රඥාව වැඩෙනකොට මාර්ග ඵල වලට පත්වෙනවා. මාර්ග ඵල වලට පත් වෙන්නේ ඉන්ද්‍රිය ධර්ම වල විවිධ මට්ටම් අනුවයි. 

ශාද්ධනුසාරි ශ්‍රාවකයාගේ ඉන්ද්‍රිය ධර්ම වලට වඩා ධම්මානුසාරී ශ්‍රාවකයාගේ ඉන්ද්‍රිය ධර්ම පිබිදී ඇත.
ධම්මානුසාරී ශ්‍රාවකයාගේ ඉන්ද්‍රිය ධර්ම වලට වඩා සෝවාන් මාර්ගය වඩන ශ්‍රාවකයාගේ ඉන්ද්‍රිය ධර්ම පිබිදී ඇත.
සෝවාන් මාර්ගය වඩන ශ්‍රාවකයාගේ ඉන්ද්‍රිය ධර්ම වලට වඩා සෝවාන් ඵලයට පත්වූ ශ්‍රාවකයාගේ ඉන්ද්‍රිය ධර්ම පිබිදී ඇත.
සෝවාන් ඵලයට පත්වූ ශ්‍රාවකයාගේ ඉන්ද්‍රිය ධර්ම වලට වඩා සකදාගාමී මාර්ගය වඩන ශ්‍රාවකයාගේ ඉන්ද්‍රිය ධර්ම පිබිදී ඇත.
සකදාගාමී මාර්ගය වඩන ශ්‍රාවකයාගේ ඉන්ද්‍රිය ධර්ම වලට වඩා සකදාගාමී ඵලයට පත්වූ ශ්‍රාවකයාගේ ඉන්ද්‍රිය ධර්ම පිබිදී ඇත.
සකදාගාමී ඵලයට පත්වූ ශ්‍රාවකයාගේ ඉන්ද්‍රිය ධර්ම වලට වඩා අනාගාමී මාර්ගය වඩන ශ්‍රාවකයාගේ ඉන්ද්‍රිය ධර්ම පිබිදී ඇත.
අනාගාමී මාර්ගය වඩන ශ්‍රාවකයාගේ ඉන්ද්‍රිය ධර්ම වලට වඩා අනාගාමී ඵලයට පත්වූ ශ්‍රාවකයාගේ ඉන්ද්‍රිය ධර්ම පිබිදී ඇත.
අනාගාමී ඵලයට පත්වූ ශ්‍රාවකයාගේ ඉන්ද්‍රිය ධර්ම වලට වඩා අරහත් මාර්ගය වඩන ශ්‍රාවකයාගේ ඉන්ද්‍රිය ධර්ම පිබිදී ඇත.
අරහත් මාර්ගය වඩන ශ්‍රාවකයාගේ ඉන්ද්‍රිය ධර්ම වලට වඩා අරහත් ඵලයට පත්වූ ශ්‍රාවකයාගේ ඉන්ද්‍රිය ධර්ම පිබිදී ඇත. 

ධර්මාවබෝධයේ කෙලවර ඵලය වන්නේ අරහත් ඵලයයි.

ප්‍රශ්නය:
එතකොට ධර්මාවබෝධය සම්පුර්ණ වීමට ඉන්ද්‍රිය ධර්ම විතරක් වර්ධනය කරගත්තොත් ඇතිද? සත්තිස් බෝධි පාක්ෂික ධර්ම වලින් අනිත් ඒවා වැඩක් නැත්ද? 

පිළිතුර: 
මෙහෙම ප්‍රශ්නයක් මතුවෙන්නේ ධර්මය ගැන අවබෝධයක් නැති නිසයි. 
උදාහරණයක් ගනිමු. ඔන්න කන්දක් තියෙනවා එකේ මුදුනට යන්න පාරවල් කීපයක් තියෙනවා කියල හිතමු. මොන පාරෙන් ගියත් අවසානයේ වෙන්නේ කන්ද මුදුනට යාමයි. කන්ද මුදුනට ගියාම හැම පාරක්ම පේනවා. කොයි පාරෙන් ආවත් නවතින්නේ නැතිව අවොත් උඩටම එන්න පුළුවන් බව දැනගන්නවා. චතුරාර්ය සත්‍ය අවබෝධයත් ඒවගේ එකක්. සතර සතිපට්ඨානය, සතර ඉද්ධිපාද, සතර සමයක් ප්‍රදාන වීර්ය, පංච ඉන්ද්‍රිය ධර්ම, පංච බල ධර්ම, සප්ත බෝජ්ජංග ධර්ම, ආර්ය අෂ්ටාංගික මාර්ගය යන මේ සත් තිස් බෝධි පාක්ෂික ධර්ම සියල්ලක්ම එල්ලවෙලා තියෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කිරීම පිණිසයි. කුමන ක්‍රමයෙන් ආවත් අවසානයේ වෙන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ වීමයි.

No comments:

Post a Comment