සුත්‍ර දේශනා සාරය


ආනාත පින්ඩිකෝවාද සුත්‍රය

අනාතපින්ඩිත සිටුතූමාට මරණ ආසන්නයේදි සැරියුත් තෙරුන් විසින් දේසනා කරණ ලදි.
  1. මෙම ඇසට මම බැදෙන්නේ නැත. ඇසට බැදුනු විඥ්ඥානයක් මම පවත්වන්නෙ නැත. මෙම ආයතන වලට නොබැදි සිටිමට නම් අවබෝදයක් හෙවත් යාතාභුත ඥානයක් තිබිය යුතූයි, මෙම ආයතන හයම අනිත්‍ය බවද, අනිත්‍යදේ දුක් බවද, දුක්දේ තාමාගේ වසගයේ පැවැත්විමට නොහැකි බවද වටහා ගත යුතූයි.
  2. මම ඇසෙන් දකින රුපයටනම් බැදෙන්නේ නැත. ඒ රුපයත් එක්ක එකතූවු විඥ්ඤානයක් මම පවත්වන්නේ නැත. මෙලෙස අනිත් සාලායතන ගැනද හික්මිය යුතූයි.
  3. ඇසේ විඥ්ඤානයට බැදෙන්නේ නැත යනුවෙන් හික්මිය යුතූයි. ඇසේ විඥ්ඤානය ඇසුරුකරගෙන මෙම විඥ්ඤානය පවත්වන්නේ නැතූවෙන් හික්මිය යුතූයි. විඥ්ඤානය හටගන්නේ ඇසත් රුපයත් ඇසුරු කරගෙන. එම නිසා මෙය චක්කූ විඥ්ඤානයවේ. මෙලෙස අනිත් සාලායතන ගැනද හික්මිය යුතූයි.
  4. ඇසේ ස්පර්ෂයට බැදෙන්නේ නැත යනුවෙන්ද, ස්පර්ෂය මත ඇතිවු විඥ්ඤානයක් පවත්වන්නේ නැත කියා හික්මිය යුතූයි. මෙලෙස අනිත් සාලායතන ගැනද හික්මිය යුතූයි.
  5. පටවි දාතූවට, ආපෝ දාතූවට, තේජෝ දාතූවට, වායෝ දාතූවට, ආකාස (අවකාෂය හෙවත් ඉඩකඩ) දාතූවට, විඥ්ඤාන දාතූවට බැදෙන්නේ නැත යනුවෙන් හික්මිය යුතූයි. මෙම පටවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාස, විඥ්ඤාන දාතූන් සමග එකතූ වෙච්ච විඥ්ඤානයක් පවත්වන්නේ නැත යනුවෙන් හික්මිය යුතූයි.
  6. රුපස් කන්දයට බැදෙන්නේ නැත යනුවෙන් හික්මිය යුතූයි. රුපස් කන්දයක් සමග බැදුනු විඥ්ඤානයක් පවත්වන්නේ නැත යනැවෙන් හික්මිය යුතූයි. මෙලෙස අනිත් උපාදානස්කන්ද ගැනද හික්මිය යුතූයි.
  7. ආකාසානංච ආරුපලොකය සමග බැදෙන්නේ නැත යනුවෙන් හික්මිය යුතූයි. විඥ්ඤ්නාංත ආයතනයත් එක්ක බැදෙන්නේ නැත යනුවෙන් හික්මිය යුතූයි. ආතින්ඥානංත ආයතනයත් එක්ක බැදෙන්නේ නැත යනුවෙන් හික්මිය යුතූයි. නෙවසංඥා නාසංඥා ආයතනයත් එක්ක බැදෙන්නේ නැත යනුවෙන් හික්මිය යුතූයි. ඒවා ඇසුරුකරගෙන විඥ්ඤානය පවත්වන්නේ නැත යනුවෙන් හික්මිය යුතූයි.
  8. මෙම ලොකයට හෝ වෙන ලෝකයකට බැදෙන්නේ නැත යනුවෙන් හික්මිය යුතූයි. මෙම ලොකයත් සමග හෝ වෙන ලෝකයක් සමග එකතූවෙච්ච විඥ්ඤානයක් පවත්වන්නේ නැත යනුවෙන් හික්මිය යුතූයි.
  9. ඇසෙන් දැකපු යමක් ඇද්ද, (අනිත් සාලායතනද සිහි කිරිය යුතූයි) මෙම කිසිම දේකට බැදෙන්නේ නැත. මම මෙවා ඇසුරුකරගෙන මෙම විඥ්ඤානය පවත්වන්නේ නැත.
ආයතන විදිම දක්ව, දාතූ හය, පංචඋපාදානස් කන්දය, ආරුප ලෝක, මෙලව පරළව, ඇහෙන් දැකපු කනේන් අසපු දේ ගැන කාතා කලා.
මරණ ආසන්න මොහොතේදි මෙලොවටත් පරළවටත් නොඇලෙන ලෙස අවවාද දෙන ලදි. මරණින් මතූ තූසිත දෙව්ලොව උපදින ලදි.
පසුව මෙලොවට වැඩ ආනේපිඩු සිටුතූමා බුදුරාජානන් වහන්සේ ඉදිරියේ මෙය ප්‍රකාෂ කරණ ලදි.
  1. ධර්ම රාජ්‍යයන් වහන්සේ වැඩ සිටින මෙම ජෙතවනය දකිද්දි මගේ සිතේ ලොකූ ප්‍රිතියක් ඇතිවෙනවා.
  2. සත්වයන් කවදාවත් උපන් ජාතිය නිසාවත් දනය නිසාවත් පිරිසිදු නොවෙති. පිරිසිදු වන්නේ ක්‍රියාවෙනුයි, අවබෝදයෙනුයි, ධර්මයෙනුයි, සිලයෙනුයි.
  3. තමන්ගේ යහපත කැමතිනන් යෝනිසෝ මනසිකාරයේ යෙදිය යුතූයි.
  4. සිලයෙන් සංසිදිමෙන් සංසාරයෙන් එතර වෙච්ච බික්‍ෂුන් අතර සාරිපුත්ත මහා රහතන් වහන්සේ රහතන් වහන්සේලා අතර අග්‍රායි.

විසාකා උපෝසත සුත්‍රය.

උපෝසත තුනකි. උපෝසතය යනු පෝය දවසෙ කරණ කරුනු හා විකාල බෝජනයයි. (උපෝසතය පැය 24යි)


  1. ගොපල්ලන්ගේ උපෝසතය.
    මෙය හරියට ගොපල්ලා හරකුන් දක්කාගෙන ගොස් හවස් වරුවේ කල්පනා කරණවා, හෙට කොයි පැත්තට හරකුන් තන කැමට ගෙනයන්නද කියා. කෙසේද යත්, අද අසවල්දේ කන ලදි, හෙට මොනවද කන්නේ කියා. මෙම උපෝසතය වැඩක් නැත.
  2. නිගන්ටයන්ගේ උපෝසතය. යොදුන් සියයක් දුරට දඩුමුගුරු අතහරින්න. ඇදුන් නැතිව සිටින්න (මෙවිට කිසිම බන්දනයක් නැතිව සිටිය හැක.)
  3. අර්ර්‍ය ශ්‍රාවකයන්ගේ  උපෝසතය. 
    1. මෙම කිලුටු වෙච්ච හිත පිරිසිදු කිරිමට ඇත්තේ උපක්ක්‍රම වලිනි. 
    2. බුද්ධානු සතිය වඩනවා, සිත පහදිනවා, ගෝරෝසු කෙලෙස් පහව යනවා. 
    3. ධම්මානු සතිය හා සංඝානු සතියත් වඩනවා. 
    4. තමාගේ සීලය සිහි කල යුතුයි. දෙවියන් සිහි කරයි (චාතුන් මහාරාජිකාවේ, තව්තිසාවේ, යාම ලෝකයේ, තුසිතයේ, නිම්මාන රතියේ, පරිනිම්මිත වසවත්තියේ, බඹලොව හා ඊටත් ඉහල බඹ තලවල දෙවියෝ සිටිති. මෙම දෙවිවරු මෙහෙන් මෑරීගොස් එහේ ඉපදී ඇත. තමා තුලද එවැනි සද්දාවක්, සීලයක්, ධර්මක් ඥානයක්, ත්‍යගශීලි බාවයක් හා ප්‍රාක්ඥාවක් ඇතිකල ගත යුතුයි.). 
    5. රහතන් වහන්සේලා, ප්‍රාන ගාතයෙන් වෙන්වි, හිත අනුකම්පාවෙන් වාසය කරණ ලදි. මමත් අද එසේම සිටිමි, මමත් රහතන් වහන්සේලාව අනුගමනය කරමි. 
    6. රහතන් වහන්සේලා නුදුන්දේ නොගන්නා ලදි, 
    7. බ්‍රක්ම චාරි ජ්විතයක් ගෙවන ලදි, 
    8. බොරුකිම අතහරින ලදි, 
    9. මත්පැන් වලින් වලකින ලදි, 
    10. විකාල බෝජනයෙන් වැලකී, නැටුම් ගැයුම් වැයුම් වලින්ද වලකින ලදි, 
    11. සුපෝක බොගි ආසන පරිහරණයෙන් වලිකින ලදි, 
    12. මමත් අද උපෝසතය දවසේ එසේ වාසය කරණු ලැබේ.

      මෙය මහත්පල මහානිසංස ලාබාගැනිමට හැකිවේ.


No comments:

Post a Comment