දහම් ගැටළු සහ පිළිතුරු

නමෝ බුද්ධාය !!!

ථේරවාද  බුදු දහම ඉගෙනීමේදී ඔබට මතුවන ඕනෑම ගැටළුවක් අප වෙත යොමු කරන්න. අප ඒවාට බුද්ධ වචනයට අදාලවම පිළිතුරු ලබාදීමට හැකි උපරිම උත්සාහය දරමු.
ඔබෙත් අපගේත් ධර්මඥානය වර්ධනය වීමට දහම් ගැටළු සාකච්චා කිරීම හේතු වේවා!!!

මෙම ධර්ම මණ්ඩපය, තමාව හුවාදක්වන්නත් අන් අයව හෙලාදක්වන්නත් භාවිතා කරන්න එපා. තමන් දන්නා දේ ධර්ම දාන චේතනාවෙන් අන් අයටත්  කරුණාවෙන් මෛත්‍රියෙන් කියා දෙන්න. ඔබ නොදත් කරුණු මෙත් සිතින් අනුමොදන්වී දරා ගන්න. කෙසේ උවත් ධර්මය තම තමන් විසින් තම තමන්ට අවේනික ක්‍රමයට ප්‍රත්‍යක්ෂ කලයුතු දෙයක්. ඒනිසා අන් අයගේ උපදෙස් වලින් තමාට අවබෝධවන ප්‍රමානට මධ්‍යස්ථ සිතින් දරා ගැනීමට පුරුදු වන්න.  

තෙරුවන් සරණයි !!!

මිට,
සසුන් ලැදි,
සුරේෂ් රොඩ්රිගෝ 

3 comments:

  1. ධර්ම මාර්ගයට පිවිසි අපට විවිඩ භාදක මතුවෙලා අපේ කල්පනාව අවුල් වෙනවා නම් ඒ අවුලෙන් මිදෙන්න අපි කුමක් කලයුතුද?

    ReplyDelete
    Replies
    1. ඔබ සමහර විට නිරීක්ෂණය කරලා ඇති ඔබ ධර්ම මාර්ගයට පිවිසිලා, දහම් කරුණු නුවනින් ගලපා ගනිමින් ඔබගේ ජීවිතය නිවැරදි මගට ගන්න උත්සාහවත් වන විට ඔබ නොසිතු අකාරයේ කරදර, භාදක ඔබ වෙත එල්ල වන බව. එවිට සමහර විට ඔබ සිතින් දුක් වූ අවස්ථාත් ඇති. සමහර විට ඔබට එවිට ධර්ම මාර්ගයෙන් බැහැරවී පෙර පරිදි ඔහේ ජීවත් උනානම් මේ කරදර නෑනේ කියල හිතෙන්නත් ඇති. එවැනි අවස්ථාවලදී අපි නොසැලී ඉදිරියට යන්න නම් අපට මුලිකවම තිබිය යුතු දෙයක් තමයි ශ්‍රද්ධාව. ඊළඟට අපිට තියෙන්න ඕනේ සිහිය, නුවන, වීර්ය.

      අපි පොඩි උදාහරණයක් ගනිමු. ඔන්න ඔබ කේන්ති නොගෙන ඉන්න උත්සාහවත් වෙනවා. ද්වේශය කියන්නේ අකුසල් මුලයක් බව නුවනින් වටහාගෙන ද්වේශයෙන් තොරව සිටීමට උත්සහ වෙනවා. වාද භේද ආරවුල් වලට පැටලෙන්නේ නැතිව තමන්ගේ පාඩුවේ ඉන්න උත්සාහවත් වෙනවා. ඔන්න එතකොට කවුරුහරි ( ඔබේ මිත්‍රයෙක් වෙන්නත් පුළුවන් ) ඇවිල්ල ඔබට මොනවහරි කියනවා. අරක අරහෙම කරමු, මෙහෙම කරමු, එහෙම කලේ නැත්තම් හරි නෑනේ, මෙහෙම නොකලොත් හරි නෑනේ කිය කියා ඔබට විවිධාකාර යෝජනා ගේනවා. ඔබට ඔබේ පාඩුවේ ඉන්න දෙන්නේ නෑ. පොඩි පොඩි දේවල් අල්ලාගෙන මහා ලොකු දේවල් වගේ නැති ප්‍රශ්න මතු කරනවා. අන්තිමට ඔබ ඒවා අහන්නේ නැතිව කරුණු පහදා දුන්නත් ඔහු නෙමේ කනකට ගන්නේ. ඔබ, ඔහුට කැමති විදිහට ඉන්න කියල කිව්වත් ඔහු තව තවත් ඔබට චෝදනා කරනවා. ඔබ දැන් ඉස්සර වගේ නෙමේ, වෙනස් වෙලා, නපුරු වෙලා, අපි කියන දේවල් ගණන් ගන්නේ නෑ. යාලුවෝ වෙනුවෙන් පොඩි කැපකිරිමක්වත් කරන්න බෑ යනාදී නොයෙක් දේ කියමින් ඔබට චෝදනා කරනවා.

      දැන් ඔබ මොකක්ද කල යුත්තේ? ඔන්න දැන් තමයි ඔබ නුවනින් මෙනෙහි කල ධර්මයෙන් වැඩ ගන්න ඕනි වෙලාව. ඔහුගේ ක්‍රමයට ඔබ අහුවෙලා ඔබත් කේන්ති අරගෙන කතාව දික් ගස්සාගන්න ගියොත් ඔබ අදක්‍ෂයෙක්. ඔහුට කියන දෙයක් කියන්න ඇරලා ඔබ දිගටම ද්වේශයට එකතු නොවී සිහියෙන් සිටිය යුතුයි. නුවන පාවිච්චි කල යුතුයි. වීර්ය කල යුතුයි. වතාවක් දෙකක් කරුණු පැහැදිලි කරන්න. ඊට පස්සේ නිශ්ශබ්ධ වෙන්න. බල්ලෙක් බිරුවට කන්දක් පාත් වෙන්නේ නෑනේ. බුරල බුරල ඇති උනාම බල්ලා එක නවත්තල දාවි.

      ඔය ආකාරයට ඔබට නොසිතු අයුරින් ඔබේ කෙලෙස් ඇවිස්සෙන විදියේ දේවල් වලට මුහුණ පාන්න වෙයි. මතකනේ කරන්න ඕන දේ.
      1. ශ්‍රද්ධාව
      2. සිහිය, නුවන, වීර්ය ඇතිකර ගැනීම.
      3. කරුණු පහදා දීම.
      4. නිශ්‍යබ්දව තම කාර්යයේ නිරත වීම.

      අමතක කරන්න එපා. ද්වේශය කියල කියන්නේ මාර පාක්ෂික දහමක්. ඔබත් එක්ක තේරුමක් නැති විදිහට වාද කරන්න එන කෙනා එන්නේ මාරයා වැහිලා. මාරයාව හඳුනා ගන්න ඔබ දක්ෂ වෙන්න ඕනේ. ඔබේ සිහිය, නුවන, වීර්ය අවුල් කරලා දාන්න අතීත සසරේ ඔබෙන්ම සිදුවූ විවිධාකාර අතපසුවීම්, පාපකර්ම ආදිය නිසා ඔබ වෙත එවැනි බාධක එල්ල වෙනවා. ඒවා සිහියෙන් නුවනින් දැක තේරුම ගැනීමට මහන්සි ගන්න.

      නුපන් අකුසල් නොඉපදීම පිණිසත්, උපන් අකුසල් ප්‍රහාණය වීම පිණිසත්, නුපන් කුසල් උපදවා ගැනීම පිණිසත්, උපන් කුසල් වර්ධනය කරගැනීම පිණිසත් මෙම ධර්ම දානය හේතුවක් වේවා!!!

      තෙරුවන් සරණයි.

      Delete
  2. ඔබට බොහෝ පින්!

    ReplyDelete