අනාත්ම ධර්මය බුදු දහමට පමණක් සීමා වූ එයටම සුවිශේෂ වූ ධර්මතාවයකි. ලොව මෙතෙක් බිහි වී වර්ධනය වී ඇති සියලු ආගම් ආත්මයක් ඇතැයි දේශනා කරන අතර බුදු දහම පමණක් ආත්ම වාදය බැහැර කරමින් දේශනා කරනු ලැබුයේ අනාත්ම ධර්මයකි. සබ්බේ සංඛාරා අනත්තා - හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත් සියලු දේ ස්‌ථිර නැත. නිර්වාණාවබෝධය ලැබීමට මෙපිටින් ඇති සියල්ල අනිත්‍යය. දුකය. සබ්බේ සංඛාරා දුක්‌ඛා යන්නෙන් ඒ සියලු දේ දුකම වන බව තථාගත දේශනාවයි. දිව්‍ය බ්‍රහ්මාදී සුවයන් සැප යයි පෘථග්ජන අප හඳුන්වන මුත් එය ද දුකම බව දේශනා කළේ නිවන හැර ආත්මවාදය සලකන අන් සියල්ලෙහි යථා තත්ත්වය එයම වන හෙයිනි.
සබ්බේ ධම්මා අනත්තා - සියලු ධර්මතාවන් අනාත්ම වේ යන්නට සංඛත අසංඛත සියල්ල ඇතුළත් වේ. සංඛත යනු පංචුපාදානස්‌කන්ධය හෙවත් මමය මාගේය යන ආත්මීය හැඟීම් හා සිතිවිලිය. මේවා වෙනත් දේ ප්‍රත්‍ය කොට පවතී. අසංඛත යනු රහත් භාවය හෙවත් රාග, දේෂ, මෝහ නැති කිරීමයි. එබැවින් සබ්බේ ධම්මා අනත්තා යන්නට නිර්වාණය ඇතුළත් නොවේ. නිබ්බාන ධාතුව සඋපාදිසෙස හෝ අනුපාදිසෙස හෝ වේවා ආත්මය හෝ අනාත්මය සමඟ කිසිදු සම්බන්ධතාවක් නැත. නිවනෙහි ආත්මීය භාවය නමින් වූ කිසිම මුළාවෙක් නැත. නිවන වූ කලී ආත්මය හා අනාත්මය යන දෙකම ඉක්‌ම වූවකි.
ආත්ම යන සංකල්පයත් සමඟ නිත්‍ය බව හා සැපය යන හැඟීමද ඇතිවේ. එබැවින් ඡන්දය හෙවත් ආශාවද පවතිනු ඇත. ආත්මීය හැඟීමට මූලික වශයෙන් හේතු වන්නේ රූප වේදනා සංඥ සංස්‌කාර හා විඤ්ඤාණ යන පංච උපාදානස්‌කන්ධය පිළිබඳ වූ ස්‌වාමිත්වය පිළිබඳව වූ හැඟීමය. මේ හැඟීමට තුඩු දෙන්නේ එය සතුටට හේතු වේ නම් පමණි. එය සතුටට හේතු වන්නේ එකී ස්‌වාමිත්වය නිත්‍ය වේය යන අදහස ඇතොත් පමණි. මෙම ස්‌කන්ධ පස මට අවශ්‍ය පරිදි මගේ තෘෂ්ණාව අනුව සකසා ගැනීමට හැකි බලයක් මා සතුව පවතී යන හැඟීම ඇති විට ඒවායේ අයිතිය අධිපතිත්වය සතුකොට තබා ගැනීමේ ආශාව වර්ධනය වේ.
වෙනත් ආගම්වල ආත්ම වශයෙන් හඳුනාගෙන තිබෙන්නේ මම යන හැඟීමය. මිනිස් සත්ව, දේව බ්‍රහ්ම සියල්ලක් තුළම මම යන සංකල්පය තහවුරු වී ඇත්තේය. එසේ නම් තථාගතයන් වහන්සේ දේශනා කර වදාළ පරමාර්ථ සත්‍යය වූ අනාත්ම යන්න වටහා ගැනීම කොපමණ අගනා අවබෝධයක් වේද? හින්දු ආගමේ ආත්ම දෙකක් පිළිබඳ අදහස ඇත්තේය.
1. ජීවාත්මය - අප සියලු දෙනා සමඟම සිටී
2. පරමාත්මන් - බ්‍රහ්ම ලෝකයේ මැවුම්කරු මහ බ්‍රහ්ම හින්දු ආගමේ උතුම් තම අදහස වන්නේ බ්‍රහ්ම සහව්‍යතාව හෙවත් බ්‍රහ්මයා සමඟ එක් වීමය. එම ආගමේ එකම පරමාර්ථයද විමුක්‌තිය ද එයයි.
සක්‌කාය දිට්‌ඨි යයි කියන්නේ පංච උපාදානස්‌කන්ධය ආත්මය සේ දැකීමටය. සක්‌කාය දිට්‌ඨිය සංඛත ධර්මයකි. එය අන්තවාදුපාදානය හෙවත් ආත්මය පිළිබඳ විශ්වාසය ප්‍රත්‍යය වශයෙන් ගෙන හටගත් දෙයකි. මෙහි අත්තවාපාදානය සක්‌කාය දිට්‌ඨියට සංස්‌කාරය වන්නේය. ආත්මය පිළිබඳ විශ්වාසයක එල්බ සිටින තැනැත්තා තමාගේ ආත්මය කිමෙක්‌දැයි සොයන විට ඔහු දකින්නේ රූප වේදනා ආදි පංච උපාදානස්‌කන්ධයයි. ආත්මය මේ උපාදානස්‌කන්ධ පහෙන් එකකට හෝ කීපයකට හෝ සියල්ලම විය යුතු යෑයි සිතයි. මේ අනුව හට ගන්නා වැරදි දෘෂ්ටිය මත ඔහු සක්‌කාය දිට්‌ඨිගත වේ.
"මහණෙනි ආර්යයන් නොහඳුනන, ආර්ය ධර්මයෙහි නොනිපුණ, ආර්ය ධර්මයෙහි නොහික්‌මුණු, සත් පුරුෂයන් නොහඳුනන, සත්පුරුෂ ධර්මයෙහි නොහික්‌මුණු ඇශ්‍රැතවත් පෘථග්ජනයා රූපය ආත්මය ලෙස සලකයි. එය සංස්‌කාරයකි. ඒ සංස්‌කාරය කවරක් නිධාන කොට කවරක් උත්පත්ති කොට, කවරක් ජාතිකොට කවරක් ප්‍රභව කොට ඇත්තේද? අවිධ්‍යා සහගතව ඇතිවූ ඵස්‌සයෙන් හටගත් වේදනාවෙන් පෝෂණය වූ අශ්‍රැතවත් පෘථග්ජනයා තුළ තණ්‌හාව උපදී. එයින් ඒ සංස්‌කාරය පහළ වේ. මෙසේ මහණෙනි ඒ සංස්‌කාරය අනිත්‍යය. සංඛතය, ප්‍රත්‍යයන් කරණ කොට ගෙන හට ගත්තකි. ඒ තණ්‌හාව අනිත්‍යය. සංඛතය ප්‍රත්‍යයන් කරණ කොට හට ගත්තකි. ඒ වේදනා ඒ ඵස්‌ස අනිත්‍යය. සංඛතය, ප්‍රත්‍යයන් කරණ කොට ගෙන හට ගත්තකි. ඒ අවිද්‍යාව එපරිදිම වේ. මෙසේ මහණෙනි දනිමින් දකිමින් දැන්ම ආශ්‍රවයන්ගේ නැසීම වේ."
රූපය ආත්මය වශයෙන් සැලකීම ආශ්‍රවයනට අත්‍යවශ්‍ය ප්‍රත්‍යය (සංස්‌කාරය) වේ. ආශ්‍රවයනට ප්‍රත්‍යය වූ මේ සංස්‌කාරය වෙනත් ප්‍රත්‍යයන් කරණ කොට හට ගන්නා හෙයින් එය අනිත්‍යය.
පුද්ගලයා ආත්මය වශයෙන් හඳුනන යම් දෙයක් වේද, එය වෙනත් දේ මත රඳා ඇති බව තථාගතයන් වහන්සේ පෙන්වා වදාළ සේක. එසේම තවදුරටත් ආත්මය සංස්‌කාරයන්ගෙන් ප්‍රත්‍යවූ සංඛත ධර්මයෙකැයි පෙන්වන සේක. මෙයින් අවබෝධ වන්නේ ආත්මය ලෙස හඳුනාගත් ධර්මය ආත්මයක් නොවන බවය. මේ නිසා සබ්බේ ධම්මා අනත්තා වේ. සබ්බේ සංඛාරා දුක්‌ඛද වේ. අනිත්‍ය සඤ්ඤාව ඇති තැන සංඛාරා අනිච්චාද, සබ්බේ අනාත්ම හා දුකද ඇත.
වච්ඡගොත්ත ආත්මයක් ඇත්ද නැද්දැයි බුදුන්ගෙන් ඇසූ ප්‍රශ්නයට ආත්මයක් ඇත හෝ නැතැයි පිළිතුරු දීම ප්‍රඥාගෝචර නොවන බව සිතුයේ ආත්ම වශයෙන් ගත හැකි දෙයක් නැති මුත් ආත්මය යන මුළාවක් ඇති හෙයිනි.
බුදුන් සහ රහතුන් හැර අන් සියලු ජීවීන් කෙරෙහි ආත්මය මමය මාගේය යන්න ඇත. පෘථග්ජනයාට ඔහුගේ පැවැත්ම ආත්මයක පැවැත්මකි. මම යන්නෙහි හෙවත් මාගේ පැවැත්මකි. එය භව (පැවැත්ම) පිළිබඳ වූවකි. මෙසේ පැවසීම පහසුය. දැකීම දුෂ්කරය. දැකීමට ඉතාම දුෂ්කර යම් දෙයක් වේ නම් ඒ වනාහි තථාගත ධර්මයයි.
ජරා යන්න වනාහි පෘථග්ජනයා විසින් මාගේ කයයි සලකනු ලබන ශරීරයෙහි ඇතිවන යම් වෙනස්‌කම් පිළිබඳ ඔහුගේ සිතේ ඇති කරගත් සංකල්පයකි. එයට හේතුව කුමක්‌ද? එම තැනැත්තාට තමාගේ සිරුර වූකලී තමාගේ තණ්‌හාව තෘප්තිමත් කර ගැනීම සඳහා වූ ආධාරකයයි. එනම් තම ජීවිත පැවැත්ම හා තමාගේ ඉන්ද්‍රිය සැප පිළිබඳවූ අවශ්‍යතා ඉටුකර ගැනීමේ මාධ්‍යයයි.
ඉපදුනා යයි කිව හැක්‌කේ මම යයි කියා ගන්නා පුද්ගලයෙකි. මරණින් පසු කිමෙක්‌ද? යන ප්‍රශ්නය රහතන් වහන්සේ හැර අන් සියල්ලන් කෙරෙහිම ගැලපෙන ප්‍රශ්නයකි. රහතන් වහන්සේ මරණ නිරෝධයට පත් වූ උත්තමයෙකි. රහතන් වහන්සේ සම්බන්ධයෙන් පුද්ගල භාවයක් හෝ ආත්මීය ආත්මීය භාවයක් නැත.
ආත්මීය භාවයනැසූ පසුද රහතන් වහන්සේගේ ජීවිතය යම් කලක් පවතී. ඒ උපාදාන රහිත පන්චස්‌කන්ධය පමණි. රහතන් වහන්සේගේ ජීවිතය කය අවසන් වේ. එය මරණය නොවන්නේය. ජීවිත කාය බිඳී යැමකි. මරණයෙන් දිවි අවසන් කරන පුද්ගලයාට ජාති (ඉපදීම) ඇත්තේය. ඒ පෘථග්ජන පුද්ගලයන්ය. තථාගතයන් වහන්සේ මරණින් මතුවේද නොවේද යන( වච්ඡගොත්ත ඇසූ ප්‍රශ්න වලට කිසිදු පිළිතුරක් නොදුන් සේක. බුදුන් වහන්සේ එසේ දේශනා කළේ මේ ප්‍රශ්න අදාළ නොවන බවද නොගැලපෙන බවද, පැන නොනගින බවද සළකාගෙනය. වච්ඡගොත්ත එම පිළිතුර වටහා නොගත්තේය. ඔහු පෘථග්ජනයෙකි. මරණින් මතු කුමක්‌ද යන ප්‍රශ්නය රහතන් වහන්සේ හැර අන් සියල්ලන්ටම අදාළ වේ. පෘථග්ජන පුද්ගලයා රහතන් වහන්සේ දෙසද බලන්නේ තමා දෙස බලන පරිද්දෙනි. එනම් මම හෝ ආත්මයක් ඇතැයි සලකන පුද්ගලයකු පරිද්දෙනි. රහතන් වහන්සේ උපාදානයන් නැසූ වගක් ඔහු නොදනී. මෙයින්ද පෙනීයන්නේ අශ්‍රැතවත් පෘථග්ජනයාට බුදු දහම අවබෝධ කිරීම වඩාත් දුෂ්කර වන බවය. ප්‍රඥාවන්තයන්ම අවබෝධ කර ගත යුතු දහමක් යයි බුදුන් වහන්සේ දේශනා කළේ ඒ නිසාය.
ජාති ජරා මරණ යනුවෙන් යෙදිය හැකි ආත්මීය හැඟීම් ඇත්තේ උපාදාන ස්‌කන්ධ සහිත පෘථග්ජනයන්ට පමණි. උපාදාන (අල්වා ගැනීම) නසා දැමූ පසු ඉතිරි වන්නේ උපාදාන නිරුද්ධ (විරහිත) පංචස්‌කන්ධය පමණි. එබඳු විට ජාති ජරා මරණ යන්න අදාළ නොවේ.
පෘථග්ජන පුද්ගලයා සිය ජීවිත පැවැත්ම කෙරේ එනම් මම පුද්ගලයෙක්‌මි මාගේ ජීවිතයයි කියා ගැනීමට හා මගේ ආත්මය යයි කියා ගැනීමට බෙහෙවින් ප්‍රිය මනාප වේ. සියල්ල තමාගේ කොට ගැනීමෙන් සන්නද්ධ වන ඔහු ආත්මීය හැඟීම කෙරෙහි නැඹුරු වන්නේ ඇත්ත වශයෙන්ම දුක කෙරෙහි සතුටු වීමක් බව නොදන්නා හෙයිනි. යම් ලෙසකින් එසේ වුවහොත් මගේ කම දුරුකිරීමට මග සලසන, මම හැඟීමෙන් මිදීමට එනම් දුකින් නිදහස් වීමටද මෙලොව හා ඇති සියලු සබඳතා වලින් නිදහස් වීමේ ඒකායන ප්‍රතිපදාව පෙන්වා දෙන බුදු දහම කෙරෙහිද පෘථග්ජන පුද්ගලයා අකමැත්තක් දැක්‌වීමට පුළුවන. එමගින් ඔහු තව තවත් අඳුරටම ගමන් කිරීමට තමාගේම මිථ්‍ය දෘෂ්ථිය හේතු වන බව නොදනී. එමගින් ඔහු තව තවත් දුක වෙතම ඇදී දුකම විඳීමට හේතු වන බවද නොදනී. අනාත්මය පිළිබඳ හැඟීම පහළ වන්නේ අනිත්‍යතාව දැනගත් විටය. අනිත්‍යතාව හරි හැටි දැනෙන්ට නම් දුක පිළිබඳ අවබෝධය (දුක්‌ඛ සඤ්ඤාව) පහළ විය යුතුය.
තමා මෙතෙක් කල් ආත්මයයි වරදවා තේරුම් ගෙන සිටියේ මිරිඟුවකට යයි වරදවා ගැනීම තුළ ඔහු මෙතෙක් කල් රැඳී සිටි අඳුරෙන් ආලෝකය වෙත ගමන් කරමින් මුළාව, මෝහය හැරදමා මායාවෙන් මිදී තම මිතුරාගේ (ආත්මය) සැබෑ අරුත දැන ඔහු අතහැර දැමීමට යොමුවනු ඇත. සක්‌කාය දිට්‌ඨිය හෙවත් තමා තැනැත්තෙකි යන වැරදි මතය හැර දමන්නේ එබඳු අවබෝධයක් මතය. ඒ වූ කලී තමා මෙතක් රැඳී සිටි පෘථග්ජන භූමියෙන් මිදී ආර්ය භූමියට (සෝවාන් ඵලයට) පා තබන ප්‍රථම පියවර වන්නේය. මෙතෙක් කල් විඳිමින් සිටි දුක් සම්භාරයකින් නිදහස ලැබීමට තමා විසින්ම මග හෙළි කර ගත්තා වන්නේය. එහෙත් මම සහ මගේ යන සිතිවිලි (අස්‌මීමානය) ඔහු තුළ තවමත් රැඳී පවතින මුත් ඒ මුළාව නිසා ඉතිරිව පවතින දුක් ප්‍රමාණය ඉතා අල්පය.
මොලොවට අයත් දේවල් අල්වා ගැනීමෙන් (උපාදාන කොට ගැනීමෙන්) තැවුලද අල්වා නොගැනීමෙන් නොතැවුලද වේ. රූප වේදනා සඤ්ඤා සංස්‌කාර විඤ්ඤාණ යන උපාදානස්‌කන්ධ පස නොවේය මෙය මාගේ යයිද එසේම මේ ආත්මය නොවේය මෙය මාගේ වශයෙන් සලකන්නට හැකිවූ දියුණුවට පත්වූ අවස්‌ථාවක මාගේ විඤ්ඤාණය යි කියා දෙයක් ඉතිරි නොවේ. විඤ්ඤාණය ශුන්‍ය වූ විට පුනර්භවය ද නවතිනු ඇත්තේ රහත්භාවයට පත්වීම හේතුවෙනි.
බුදු දහම නොඇසු ඒ පිළිබඳ ඒ පිළිබඳ ශ්‍රද්ධාව නැති ධර්මය නොඇසූ පෘථග්ජනයන් හා බුදු දහම පිළිබඳ අසා ඇති ඇසූ පිරූ තැන් ඇති ආර්ය ශ්‍රාවකයන් කෙරෙහි ඇත්තේ එකම ස්‌වාභාවික තත්ත්වයකි. එනම් වෙනස් වීම හා අන් දෙයක් බවට පත්වීමයි. පෘථග්ජනයන්ට එම වෙනස් වීම මම නමැති පුද්ගලයාගේ වෙනස් වීමකි. එහෙත් ශ්‍රැතවත් ආර්ය ශ්‍රාවකයාට තමාගේ නොවන වෙනස් වීමකි. මම හැඟීම යම් තරමකට අඩුවූවකි. ඒ හැඟීමට තදින් බැඳී නැත.
පෘථග්ජනයා කොටස් දෙකකි
1. අස්‌සුතවා - අසා නැති, අශ්‍රැතවත් පෘථග්ජනයා තථාගත ධර්මය අසා නැත. ඒබැවින් එම දහමට පටහැනි වූ දෘෂ්ටි වල එල්බගෙන ඇත.
2. අනුලෝමිතාය ඛන්තියා සමන්තාගත - අනුකූලතා සහගත ඉවසීම ඇති - මොවුන් ධර්මය අසා ඇත. අනුකූලතාවකින්ද යුක්‌තය. ඔහු ධර්මය උගත් කෙනෙක් පමණක් නොව වඩාත් දියුණු කෙනෙකි. සම්මා දිට්‌ඨි සම්පන්න වීමට සැබෑ වූ උත්සාහයක් දරණ කෙනෙකි.
ආත්මීය හැඟීම හෝ මම සහ මාගේ යන හැඟීම් මුලිනුපුටා දැමීම නිසා රහතන් වහන්සේ දුකින් මුලුමනින්ම නිදහස්‌ය. අවිද්‍යාව දුරුකොට ඇලීම් මුලුමනින් පහකොට ඇත්තේය. පිරිනිවීමෙන් අනතුරුව නැවත ඉපදීමක් නැත. රහතන් වහන්සේ පීඩාදායක වේදනාවක් අත්විඳින විට ඒ කෙරෙහි ප්‍රතිරෝධයක් (විරුද්ධ වීමක් හට නොගනී. උපේක්‍ෂාවෙන් දුක සැප දෙකම විඳගනී. දුක් වේදනා ඇත ද ඒ දුක නොවේ. භවයන් (පැවැත්ම) ඉක්‌ම වූ සේක. භවස්‌ස පාරගු යයි හැඳින්වෙන්නේ එහෙයිනි. මම සහ මාගේ යයි හැඟීමක් නැති තැන එම හැඟීම් වලින් සම්පූර්ණයෙන් නිදහස්. ඒ වූ කලී ලොව උතුම්ම සැනසිල්ලකි. එකම සැනසිල්ල වේ. අරහත් භාවයක් සමඟ භවය නිරෝධයට පැමිණියේය.
පී.ඩී. ආරියරත්න
දිවයින පුවත්පතේ පළවූ ලිපියකි

No comments:
Post a Comment