සියලු දෙනාට එක හා සමාන නුවනක් , ප්‍රඥාවක් , ශ්‍රද්ධාවක් පිහිටල නැහැ. එක එක පුද්ගලයා තම තමන්ට ආවේනික ක්‍රම ඔස්සේ ධර්ම කරුණු තේරුම් ගන්නේ. සාමාන්‍යයෙන් සිදු වන්නේ තමා ප්‍රිය කරන දේවල් වැඩි විමසීමකින් තොරව පිළිගැනීමයි. තමන්ට ක්‍රියාත්මක කිරීමට අපහසු දේවල් පිළිගන්න කැමති නෑ . ධර්මය කියල කියන්නේ ලෞකික දියුණුව සලසන අතරම ලෝකෝත්තර දියුණුවට පාර පෙන්වන දෙයක්. ලෞකිකත්වය මතම එල්බගෙන සිටින අයට ධර්මයෙන් පෙන්වන ලෝකෝත්තර ගුණය වටහා ගැනීමට තරමක් අපහසුයි. එසේ වන්නේ ඔවුන් ලෞකික සැපයට දැඩිව ඇලී ගැලී සිටීමයි.
එවැනි අයට ධර්මයේ ලොකොත්තර මාර්ගය පිළිබඳව බහුල වශයෙන් සැක කුකුස් ඇති වෙනවා. ගැඹුරු දහම් කරුණු අවබෝධයට එය විශාල බාධාවක්. ලෞකිකත්වය තුලම ඇලි ගැලී සිටින අයට කාමයන්ට අධිකව යටවී සිටීම නිසා කාමයන්ගේ ආශ්වාදයම මිස එයින් මිදීමක් ගැන කෙසේවත් සිතෙන්නේ නෑ .
එවැනි බොහෝ දෙනා ගේ සිත් තුල ඇතිවන්නේ මෙන්න මේ වගේ අදහස්.
1. මේ ලෝකේ මෙච්චර සැප තියෙද්දී ඇයි මේක දුකක් දුකක් කියලම කියන්නේ? මොන බොරුද. විකාර.
2. අපි නම් ආතල් එකේ ඉන්නවා. අපෝ ඕගොල්ලෝ පිස්සු විකාර කියවල විහින් දුක් විඳිනවා.
3. ටික කාලයයි ජිවත් වෙන්න තියෙන්නේ. ඒ ටික කාලයේ ජොලියේ ඉන්නේ නැතුව වෙන මොනවා කලත් පලක් නෑ.
4. සීලයක් කියල දෙයක් මොකටද? තමන් හම්බ කරගෙන කාල බිල ජොලියේ හිටියම හරිනේ. සිල් ගත්තට ලැබෙන දේ මොනවද? නිකන් අත පය රිදෙන එක විතරයි හවස් වෙනකොට. විකාර.
5. ඇයි මේ මිනිස්සු එක්කෙනෙක් එක්ක විතරක් පවුල් කන්නේ? තමන්ට වත්කම තියෙනවා නම් එකපාර කීප දෙනෙක් එක්ක පවුල් කන එකේ කිසි වැරද්දක් නෑනේ. ඒක සොබාදහමෙන් සත්වයන්ට ලැබුණු අයිතියක්. දැන් බලන්න ඔය බල්ලෝ බළල්ලු නිදහසේ ජිවත් වෙන්නේ. මිනිස්සු තමයි මේ තහංචි දාගෙන විහින් දුක් විඳින්නේ.
6. ජිවත් වෙනකොට ඉතින් සත්තු නොමරා බෑනේ. එහෙම නොවුනොත් උන් අපිට හානි කරනවනේ. ලෙඩ බෝ කරනවා. දෂ්ට කරනවා. සපා කනවා. පානාතිපාතා වේරමණී ගිහියන්ට නම් රකින්න බෑ . පොඩි බොරුවක් වත් නොකිය දැන් කාලේ ජිවත් වෙන්න බෑ . හොඳයි පෙන්නන්න බලන්න එහෙම අය අද කොහෙද ඉන්නේ කියල.
7. සෝවාන් වෙනවා කියන්නේ මොන බොරුද? මෙච්චර මිනිස්සු හැම පෝයටම සිල් ගන්නවා. එක්කෙනෙක් ඉන්නවද අඩු ගානේ සෝවාන් වෙච්ච? ඉන්නවනම් ඉදිරිපත් වෙලා අනිත් අයටත් කියල දෙන්න ඕනනේ සෝවාන් වෙන හැටි. ඕව මේ කාලෙට ගැලපෙන්නේ නෑ .
8. බුදු දහම හරියට කරනවා නම් ඔක්කොම අත ඇරලා කැලේට යන්න වෙනවා. එතකොට කවුද අපෙන් යැපෙන අයව බලා ගන්නේ.? එක නිසා ඕව මේ කාලෙට හරියන්නේ නෑ. ඕව පරණ හණමිටි අදහස්.
9. හැමෝම තමන්ව රවට්ටනවා නම්, තමන්ගේ දේවල් හොරෙන් ගන්නවා නම්, අපි කොහොමද අනිත් අයට කරුණාව දක්වන්නේ? එහෙනම් ඉතින් රහත් වෙන්න ඕන. ගැහුවොත් ගහන්න ඕන. බැන්නොත් බනින්න ඕන. නැත්තම් මේ කාලේ ජිවත් වෙන්න බෑ.
10. රටේ නීතියක් හරියට තියෙනවා නම් ධර්මයක් මොකටද? ධර්මයට ඉහලින් නිතිය තියෙන්න ඕන. නීතියක් ක්‍රියාත්මක නොවන රටක මොන ධර්මයක් ද? නිකන් විහිලු කරන්න එපා හලෝ. ධර්මයෙන් බෑ මිනිස්සුන්ව හදන්න. පුළුවන් නම් ඉතින් ඔය හිර ගෙවල් මොකටද?
මෙවැනි බොහෝ දේ පවසමින් ඔවුන් දහම් මගට පිවිසීම පමා කරගන්නවා. ඔවුන්ට අප අනුකම්පා කල යුතුයි. ඔවුන් සමග මත ගැටුම් වලට නොයා ඔවුන්ට සත්‍ය අවබෝධ කරවීමට සුදුසු උපක්‍රම කල්පනා කල යුතුයි. මෙවැනි පුද්ගයින් සමාජයේ බහුලයි. ආයතනයක් ගත්තොත් වැඩිපුර ඉන්නේ මේ වගේ කට්ටිය. ඉතාම පරිස්සමින් මෙවැනි කෙනෙකුට ධර්මය කියා දිය යුතුයි. වැඩිපුර කල යුත්තේ ඔවුන්ට සවන් දීමයි. ඉන්පසුව ක්‍රම ක්‍රමයෙන් ඔවුන්ගේ වැරදි නිවැරදි කරගැනීමට පියවරෙන් පියවර උපදෙස් දිය යුතුයි. එක්වරම ඔවුන්ගේ මතයට පහර ගසා ඔබේ අදහස කීමට යාමෙන් සිදු වන්නේ ගැටුමක් පමණයි.

No comments:
Post a Comment