ඔබ යම් ධර්ම කරුණක් හෝ දහමට අදාළ යම් වත් පිළිවෙත් පිළිබඳව හෝ බුදු දහමට අදාළ වෙනත් ඕනෑම කාරණයක් තවත් කෙනෙකුට පැවසීමේදී හෝ කියා දීමේදී පහත සඳහන් කරුණු පිළිබඳව වඩාත් සැලකිලිමත් වන්නේ නම් හොඳ බව මට හිතෙනවා.
1. ඔබ යමක් පවසන්නට පෙර එයාව හොඳින් අධ්‍යනය කරන්න.
2. ඔබ අදහස් හුවමාරු කරන පුද්ගලයා හට කිසිවක් බලහත්කාරයෙන් කියන්නට යන්න එපා. ඔබ පවසන දේ කෙතරම් නිවැරදි උවත් එයින් වන්නේ එම පුද්ගලයාගේ කේන්තිය ඇවිස්සෙන එක විතරයි.
3. එයාගේ වැරදි නිවැරදි කරන අදහසින් ඔබ යමක් කියනවා වන්නට පුළුවන්. නමුත් එය ඉතා පරිස්සමින් කල්පනාකාරීව කල යුතුයි. සමහර විට ඔබට පැවසීමට අවශ්‍ය දේ වෙනුවෙන් මාස ගානක් හෝ අවුරුදු ගානක් යන්නටත් පුළුවන්.
4. පුද්ගයයෝ විවිධාකාරයි. නොයෙක් පුරුදු, හැසිරීම් රටා , ඇබ්බැහි වීම් වලට යොමු උවන් වියහැකි බැවින් ඔවුන්ව නිවැරදි මගට ගැනීමේදී විශේෂයෙන් ඔබට ඉවසීම තිබිය යුතුයි.
5. සමහරවිට ඔබට සිතෙයි මේ තරම් පොඩි දෙයක්වත් ඇයි නොතේරෙන්නේ කියා. නමුත් එහිදී ඔබ තේරුම් ගත යුතුයි එය එම පුද්ගලයාගේ දැනුමේ මට්ටම බව. ඉතින් ඔබ වඩාත් ඉවසිය යුතුයි.
6. දහම් කරුණු පවසන විට එය හුදු තර්කයෙන් පමණක් පිළිගන්නා කෙනෙකුට නම් ඔබ තර්ක කිරීම නවතා දමා ඔහුගේ මතයට වඩ වඩාත් සවන් දෙන්න. ඔහු වරදවා ගෙන ඇති තැන ඔබ ඉතා පරෙස්සමින් තේරුම් ගන්න. ඔහුගේ සමාජ පසුබිම, දෙමව්පියන්ගෙන් හුරුවූ ගති පුරුදු, වෙනත් නොයෙකුත් හේතු කාරනා මත ඔහු යම් වැරදි වැටහිමක සිටිනවා විය හැකියි. එක වරම ඔහුගේ මතයට පහර ගහන්න එපා. එකෙන් වෙන්නේ ඔහු
ඔබගේ අදහස් සමග ගැටුමක් ඇතිවීම පමණයි.
7. ඔහුට යමක් වැටහෙන ආකාරයට කියාදීමේ ක්‍රමය ඔබ විසින් සොයා ගත යුතුයි. එසේ සුදුසු ක්‍රමයක් එක්වරම නොපෙනේ නම් ඔබ හදිස්සි නොවිය යුතුයි.
8. පවසන්නට යන දෙය ටික ටික ඉතා සරලව තේරුම් ගත හැකි ආකාරයට පැවසිය යුතුයි. එසේ කිරීමේදී ඔබට විවිධ උපක්‍රම , උදාහරණ භාවිතා කරන්න සිදු වේවි. එහිදී ඔබ දක්ෂ විය යුතුයි. ඔහුගේ දැනුම් මට්ටම අනුව ඔබ පවසන කරුණු ගොනු කරගත යුතුයි. ඔහුට දරා ගත හැකි ප්‍රමාණයට කුඩා කර පැවසිය යුතුයි.
9. උගත් කම සහ ප්‍රඥාව කියන්නේ දෙකක් බව මතක තබා ගන්න. උගත්කම කෙතරම් තිබුනත් ප්‍රඥාව බින්දුවක් විය හැකියි. එබැවින් වඩාත් කල්පනාකාරී වන්න.
10. බුදුන් , දහම්, සඟුන් පිළිබඳව ශ්‍රද්ධාවක් තිබෙන කෙනෙකුට දහම් කරුණු අවබෝධ කිරීම තරමක් පහසුයි. එබැවින් පළමුව ඔහුගේ හෝ ඇයගේ ශ්‍රද්ධාව පිළිබඳව විමසිලිමත් වන්න. ශ්‍රද්ධාව අංශු මාත්‍රයක් වත් නැති කෙනෙකුට දහම් කරුණු අවබෝධය ඉතා අපහසුයි. ඔවුන් සියලු දේ වටහා ගන්නේ තර්කයෙන් පමණයි. එබැවින් ඔවුන්ගේ චරිත ස්වභාවයට ගැලපෙන පරිදි කරුණු ඉදිරිපත් කල යුතුයි. එවිටයි ඔවුන්ව අවබෝධයක් කරා ගෙනයා හැකි වන්නේ. එසේ නොවුනහොත් අවසානයේ ඉතිරි වන්නේ සිත් රිදීම් සහ ගැටීම් පමණයි.
11. තර්කයෙන් ගලපා ගත හැකි කොටස් පමණක් එවැනි කෙනෙකුට පැවසිය යුතුයි. නිතරම තමා උපමා කොට ඒ අනුව අනුන් ගැන තේරුම් ගත පරිදි කරුණු පවසන්න. එවිට ඔවුන් තර්කයෙන් එය තේරුම් ගනීවි. එක්වරම තේරුම් නොගත්තත් ඔවුන් ඒ ඔස්සේ සිතන්නට පටන් ගනීවි.
No comments:
Post a Comment