Wednesday, January 30, 2013

අවිද්‍යාව සහ අසත්පුරුෂ ආශ්‍රය අතර සම්බන්ධය


අවිද්‍යාව සහ අසත්පුරුෂ ආශ්‍රය අතර සම්බන්ධය 

  • අවිද්‍යව පවතින්නෙ ආහාරයක් මත. ආශ්‍රව හටගැනිමෙන් අවිද්‍යව හටගනී.
  • අවිද්‍යාව  - පංචනීවරණ නැමති ආහාරයෙන් පොෂණයවේ. 
    පංචනීවරණ  කියන්නේ නිවන ආවරණය කරන (නිවන් මග පාදාගැනීමට නොහැකිවනසේ අපව වලක්වන ) අපේ සිතේම හටගන්නා කරුණු 5ක්. එනම්, කමච්චන්දය  (කාමයන්ට ඇති ආසාව), ව්‍යාපාදය ( තරහව - ද්වේශය ) , ථිනමිද්දය ( අලසබව ) , උද්දච්ච කුක්කුච්ච ( සිතේ ඇතිවන නොසන්සුන් ගතිය සහ කැළඹිලි ස්වභාවය ), විචිකිච්චා ( ඒ කියන්නේ සැකය. බුද්ධාදී කාරණා 8ක් ගැන ඇතිවන සැකය )
     
  • පංච නීවරණය ත්‍රිවිද දුෂ්චරිතය නැමති ආහාරයෙන් පොෂණය වේ.
    1. කාය දුෂ්චරිතය - කයෙන් කරණ අයහපත්දේ. (සොරකම, සතූන් ගාතනය, කාමය වරදවා හැසිරිම. මත්පැන්බිම)
    2. මනෝ දුෂ්චරිතය - මනසින් කරණ අයහපත්දේ. (අන්සතූන්ගේදේට කරන ආසාව, තරහා, මිත්‍යද්‍යුෂ්ටිය.)
    3. වචි දුෂ්චරිතය - වචනයෙන් කරණ අයහපත්දේ. (බොරුකිම, කෙලම, පරුස වචනකීම, හිස්වචනකීම)
  • ත්‍රිවිද දුෂ්චරිතය, ඉන්ද්‍රිය අසන්වරකම නැමති ආහාරයෙන් පොෂණයවේ. 
    (ඉන්ද්‍රිය අසන්වරකම යනු ඇසෙන් රුපය බලා තමන්ගේ හිතේ ඇලිම් හා ගැටිම් ඇතිකරණ නිමිති ගනි, නසයෙන්, කනෙන්, දිවෙන්, කයින් සහ මනසින්ද මෙය කරයි. මෙය සිත කලබයි. දෙවනුව කැලබුනු පැත්තට ඇදි යයි.)
  • ඉන්ද්‍රිය අසන්වරකම සිහිය නැතිකම සහ නුවනත් නැති කම, ( අසිහිය ) නැමති ආහාරයෙන් පොෂණයවේ.
    ඒ කියන්නේ හොඳට හිතල බලන්න සිහියයි, නුවණයි නැතිඋනාම නේද අපිට ඉන්ද්‍රිය අසංවර වෙනකොට නැවත සංවර කරගන්න බැරිවෙන්නේ. සිහියයි නුවණයි තියෙන කෙනා ඉන්ද්‍රිය සංවර කරගන්න වීර්ය කරනවා.
  • සිහිය නැති කම සහ නුවනත් නැති කම, අයොනිසො මනසිකාරය නැමති ආහාරයෙන් පොෂණයවේ.
    අයෝනිසෝ මනසිකාරය කියන්නේ නුවන නැති ආකාරයට කල්පනා කිරීමයි. ( නුනුවනින් මෙනෙහි කිරීම කියන්නෙත් මේකමයි. )
  • අයොනිසො මනසිකාරය ශ්‍රද්ධාව නැතිකම නැමති ආහාරයෙන් පොෂණයවේ.
    ශ්‍රද්ධාව තියෙන කෙනා හැම වෙලාවේම ධර්මයට, බුද්ධ දේශනාවට අනුව කල්පනා කරනවා. එහෙම නැතිකෙනා කල්පනා කරන්නේ තමන්ගේ සිතේ ඇතිවෙන එක එක කෙලෙස් වලට අනුව.
  • ශ්‍රද්ධාව නැති කම, සද්ධර්මය නොවන දේ ඇසීමෙන් පෝෂණය වේ. 
    ඒ කියන්නේ ලෝභ, ද්වේශ, මෝහ මුල්වෙන එක එක කතා. සද්ධර්මයේ හැම වෙලාවේම කතා කරන්නේ අලෝභ, අද්වේශ, අමෝහ මුලික කරගෙනයිනේ. සද්ධර්ම නොවන දේවල් ඔස්සේ ඇදිල යන නිසා තමයි ශ්‍රද්ධාව නැති වෙන්නේ.
  • සද්ධර්ම නොවන දේ ඇසීම අසත්පුරුෂ ආශ්‍රයෙන් පෝෂණය වේ.
    ඒ කියන්නේ අසත්පුරුෂයෝ හැමවෙලාවෙම කතා කරන්නේ සද්ධර්ම නොවන දේවල්. දහම කතාකරන්නේ සත්පුරුෂයෝ, කල්‍යාණ මිත්‍රයෝ නේ. හොඳට හිතල බලන්න, ඔබ අසත්පුරුෂ යෝ ආශ්‍රය කරනකොට පස් පව්, දස අකුසල් ඔක්කොම කෙරෙනවා. ලෝභ, ද්වේශ, මෝහ ඔබතුල වැඩිවෙනවා. සද්ධර්මය නොවන දේවල් ඇහෙනවා. ඒ අනුව ඔබට ක්‍රියා කරන්නත් වෙනවා. අන්තිමේ මොකද වෙන්නේ? ඔබ තුල අවිද්‍යා මුලය පෝෂණය වෙනවා.
ඔන්න ඕක නිසා තමයි, බුදුන් වහන්සේ දේශන කලේ, ධර්ම මාර්ගයේ යන කෙනා ඉස්සෙල්ලම කරන්න ඕනේ අසත්පුරුෂ ආශ්‍රයෙන් බැහැර වීමයි.
  1. සත්පුරුෂ සංසේවනය ( ඒ කියන්නේ කල්‍යාණ මිත්‍ර ඇසුර ) කල්‍යාණ මිත්‍රය ගැන වෙනම ලිපියකින් කියන්න ඕනේ. ගොඩක් වෙලාවට කල්‍යාණ මිත්‍රය කවුද, මිත්‍ර ප්‍රතිරුපකයා කවුද කියල අද කාලේ හොයාගන්න ටිකක් අමාරුයි.  
  2. සද්ධර්ම ශ්‍රවනය 
  3. යෝනිසෝ මනසිකාරය
  4. ධම්මානුධම්ම ප්‍රතිපදාව.
ඔන්න ඔය කාරණා වලින් යුක්ත වෙනකොට අපිට පුළුවන් වෙනවා ධර්මයේ නියම ප්‍රතිඵල අත්දකින්න. 

තෙරුවන් සරණයි.

කරුණු උපුටා ගත්තේ:
අවිජ්ජා සුත්‍රය - අංගුත්තර නිකාය 

No comments:

Post a Comment