Tuesday, April 14, 2020
Wednesday, April 17, 2019
ආස්වාදයට යටවනවාද?
මෙලොව සැපක්, ආස්වාදයක් තිබේද? අනිවාර්යයෙන් ම තිබේ. එසේ නොමැතිනම් සත්වයා මෙච්චරම ලෝකයට ඇලෙන්නෙ නෑනෙ. ඉක්මනින්ම ලෝකයෙන් මිදීමට උත්සාහ ගන්නවනෙ. සත්වයා ලෞකීය කාරනා 36කට ඇලිල, ආස්වාද කර කර කෙල්වරක් නැති සසරකට වැටිල ගසාගෙන යනව. සුලු ආස්වාදයක් නිසා අවසානයේ විශාල දුකකට හසු වෙනව.
අප සියලු දෙනා තම තමන් ආ සසර ගමනේ වින්ද දුක් වේදනා තම තමන්ට මතක තිබුනා නම්, නැවතත් එවැනි දුක් ගොඩක් උරුම කරගන්න කොහෙත්ම කැමති වෙන්නෙ නෑ. ආස්වාදයෙන් ආස්වාදයට පැන පැන ආදීනව මගහරිමින් කටයුතු කරන්න මියයනතුරාම උත්සාහ ගන්නවා. ආදීනව දකින්න හරිම අමාරුයි. අකමැතියි. ඉන්න ටික කාලෙ සතුටින් ඉන්න ඕන කියලයි හැමෝම හිතන් ඉන්නේ. ආස්වාදය තුල සතුටක් පවතිනවා, නමුත් ඉතාම සුළුයි. අල්පයි. වහා නැතිවීයන සුළුයි. අන්න ඒ අල්පවූ, වහා නැසී වැනසීයන්නාවූ සතුටක් සේ පෙනෙන්නාවූ විශාල මිරිගුවක් පසුපස සත්වයා හතිවැටීගෙන දුවනව.
සසර ගමනේ සැබෑ ස්වභාවය හදුනාගැනීමට නම් ආදීනව දැකිය යුතුමයි. ආස්වාදයෙන් ආස්වාදයට පැන පැන ඉන්න අසෘතවත් පෘතග්ජනයාට ඊට එහා දෙයක් පේන්නෙ නෑ. දකින්න උවමනාවකුත් නෑ. ඒ නිසා ශ්‍රී සද්ධර්මය මුන ගැසුනු ඔබ සෘතවත් ආර්‍ය ශ්‍රාවකයෙක් ලෙස කරන්න ඕන මූලිකම දෙයක් තමා ආදීනව දැකීම. ඉන්පසු නිස්සරනය කරා වීර්‍ය කිරීම.
කුමකද ආදීනව දැකිය යුත්තේ? සබ්බ ( සියල්ලේම ) ආදීනව දැකිය යුතුයි. අනිච්ච වූ සියල්ල දුක් ඇතිකරයි. විපරිනාමයි. වෙනස්වන සුළුයි. මමය කියා හෝ, මාගේය කියා හෝ, මාගේ ආත්මය කියාහෝ ගත් හැකි ස්ථිර දෙයක් නෑ.
මෙන්න මේ ලෞකික කාරනා 36ට තමයි සත්වයා ඇලී ගැලී ආස්වාද කරමින් ආස්වාදයෙන් ආස්වාදයට පනිමින් මිරිඟුවක් පසු පස දුවන්නේ.
පළමු ගොඩවල් 6
1. ඇස2. ඇසට පෙනෙන රූප
3. ඇසේ විඥ්ඥානය
4. ඇසේ ස්පර්ශය ( ඉහත කරුණු තුනේ එකතුවෙන් සකස් වන දේ )
5. ඇසේ වේදනාව ( ආස්වාදයෙන් ආස්වාදයට පැන පැන ඉන්න කෙනා ඇස අනුබද්ධයෙන් ජනිත වන සැප වේදනාව පමණක් විදිමින් සිටීමට අසාර්ථක උත්සාහයක නියැලී සිටී.)
6. ඇසේ තන්හාව ( එම සැප වේදනාව කෙරෙහි තන්හාව , ආශාව, චන්දරාගය උපදවා ගනී. )
ඉන්පසු ඒවා, මම ලෙසත් , මගේ ලෙසත් , මගේ ආත්මය ලෙසත් දෘෂ්ටිගත වෙයි. එනම් උපාදාන කරගනී
දෙවෙනි ගොඩවල් 6
1. කන2. කනට ඇහෙන ශබ්ධ
3. කනේ විඥ්ඥානය
4. කනේ ස්පර්ශය ( ඉහත කරුණු තුනේ එකතුවෙන් සකස් වන දේ )
5. කනේ වේදනාව ( ආස්වාදයෙන් ආස්වාදයට පැන පැන ඉන්න කෙනා කන අනුබද්ධයෙන් ජනිත වන සැප වේදනාව පමණක් විදිමින් සිටීමට අසාර්ථක උත්සාහයක නියැලී සිටී.)
6. කනේ තන්හාව ( එම සැප වේදනාව කෙරෙහි තන්හාව , ආශාව, චන්දරාගය උපදවා ගනී. )
ඉන්පසු ඒවා, මම ලෙසත් , මගේ ලෙසත් , මගේ ආත්මය ලෙසත් දෘෂ්ටිගත වෙයි. එනම් උපාදාන කරගනී
තුන්වෙනි ගොඩවල් 6
1. නාසය2. නාසයට දැනෙන ගඳ /සුවඳ
3. නාසයේ විඥ්ඥානය
4. නාසයේ ස්පර්ශය ( ඉහත කරුණු තුනේ එකතුවෙන් සකස් වන දේ )
5. නාසයේ වේදනාව ( ආස්වාදයෙන් ආස්වාදයට පැන පැන ඉන්න කෙනා නාසය අනුබද්ධයෙන් ජනිත වන සැප වේදනාව පමණක් විදිමින් සිටීමට අසාර්ථක උත්සාහයක නියැලී සිටී.)
6. නාසයේ තන්හාව ( එම සැප වේදනාව කෙරෙහි තන්හාව , ආශාව, චන්දරාගය උපදවා ගනී. )
ඉන්පසු ඒවා, මම ලෙසත් , මගේ ලෙසත් , මගේ ආත්මය ලෙසත් දෘෂ්ටිගත වෙයි. එනම් උපාදාන කරගනී
හතරවෙනි ගොඩවල් 6
1. දිව2. දිවට දැනෙන රස
3. දිවේ විඥ්ඥානය
4. දිවේ ස්පර්ශය ( ඉහත කරුණු තුනේ එකතුවෙන් සකස් වන දේ )
5. දිවේ වේදනාව ( ආස්වාදයෙන් ආස්වාදයට පැන පැන ඉන්න කෙනා දිව අනුබද්ධයෙන් ජනිත වන සැප වේදනාව පමණක් විදිමින් සිටීමට අසාර්ථක උත්සාහයක නියැලී සිටී.)
6. දිවේ තන්හාව ( එම සැප වේදනාව කෙරෙහි තන්හාව , ආශාව, චන්දරාගය උපදවා ගනී. )
ඉන්පසු ඒවා, මම ලෙසත් , මගේ ලෙසත් , මගේ ආත්මය ලෙසත් දෘෂ්ටිගත වෙයි. එනම් උපාදාන කරගනී
පස්වෙනි ගොඩවල් 6
1. කය2. කයට දැනෙන පහස
3. කයේ විඥ්ඥානය
4. කයේ ස්පර්ශය ( ඉහත කරුණු තුනේ එකතුවෙන් සකස් වන දේ )
5. කයේ වේදනාව ( ආස්වාදයෙන් ආස්වාදයට පැන පැන ඉන්න කෙනා කය අනුබද්ධයෙන් ජනිත වන සැප වේදනාව පමණක් විදිමින් සිටීමට අසාර්ථක උත්සාහයක නියැලී සිටී.)
6. කයේ තන්හාව ( එම සැප වේදනාව කෙරෙහි තන්හාව , ආශාව, චන්දරාගය උපදවා ගනී. )
ඉන්පසු ඒවා, මම ලෙසත් , මගේ ලෙසත් , මගේ ආත්මය ලෙසත් දෘෂ්ටිගත වෙයි. එනම් උපාදාන කරගනී
හයවෙනි ගොඩවල් 6
1. සිත2. සිතට දැනෙන අරමුණු
3. සිතේ විඥ්ඥානය
4. සිතේ ස්පර්ශය ( ඉහත කරුණු තුනේ එකතුවෙන් සකස් වන දේ )
5. සිතේ වේදනාව ( ආස්වාදයෙන් ආස්වාදයට පැන පැන ඉන්න කෙනා සිත අනුබද්ධයෙන් ජනිත වන සැප වේදනාව පමණක් විදිමින් සිටීමට අසාර්ථක උත්සාහයක නියැලී සිටී.)
6. සිතේ තන්හාව ( එම සැප වේදනාව කෙරෙහි තන්හාව , ආශාව, චන්දරාගය උපදවා ගනී. )
ඉන්පසු ඒවා, මම ලෙසත් , මගේ ලෙසත් , මගේ ආත්මය ලෙසත් දෘෂ්ටිගත වෙයි. එනම් උපාදාන කරගනී
මේවායේ ආස්වාදයට යට නොවී ආදීනව දකින්න පුරුදු පුහුණු වන්නේ සෘතවත් ආර්ය ශ්‍රාවකයායි. එවැනි උවමනාවක් අවශ්‍යතාවයක් ඇතිවන්නේ සෘතවත් ආර්ය ශ්‍රාවකයකුට පමණයි. ආදීනව දැක , ආදීනවය තුල නොනැවතී නිස්සරණය කරා වීර්ය කරන්නේද සෘතවත් ආර්ය ශ්‍රාවකයායි.
හයේ ගොඩවල් හයේ ( ඉහත කරුණු 36 ) ආස්වාදයට යට නොවී ආදීනව දකින්න පුරුදු වන්න. එවිට සිත ඒවායින් මුදවාගත හැකිවනු ඇත. ආර්‍ය මාර්ගය තුල වීර්ය කිරීමෙන් නිස්සරණය ට පත්විය හැක.
Monday, June 19, 2017
සත්තිස් බෝධි පාක්‍ෂික ධර්ම
ගෞතම බුදු රජාණන් වහන්සේ විසින් ලෝක සත්වයා නිවන් මගට යොමු කරවීමට දේශනා කල ධර්මයේ ගැඹුරැම දේශනා මාලාව නම් මේ සත්තිස් බෝධි පාක්‍ෂික ධර්ම (37) විස්තරයයි. ගෞතම බුදු රජාණන් වහන්සේ දේශනා කල ධර්මයේ ගැඹුරැම අභිධර්ම තිබෙන්නේ සූත්‍ර පිටකයේ ඇතුලත් වන මෙම සත්තිස් බෝධි පාක්‍ෂික ධර්ම නම්වූ නිවන් මගටම මුල්වූ අභිධර්ම විස්තරයයි.
ගෞතම බුදු රජාණන් වහන්සේ විසින් ආකාර තිස් හතකින් විග්‍රහ කල නිවන් මගටම මුල්වූ ඒ මහා අනර්ඝ පැහැදිලි කිරීම බුදු දහමේ මූලික හරයයි මූලික ඉලක්කයයි.
මහ රහතන් වහන්සේලා බිහි උනෙත් මේ ධර්මය අනුගමනය කිරීමෙන්මයි. මාර්ගඵල ලාබී අනෙකුත් ගිහි පැවිදි ශ්‍රාවකයන් බිහි උනේද මේ ධර්මය අනුගමනය කිරීමෙන්මයි. ජය ශ්‍රී මහා බෝධි මූලයේදී ගෞතමයන් වහන්සේ බුද්ධත්වය අවබෝධ කලේද මේ ධර්මය අනුගමනය කිරීමෙන්මයි..
ඉතින් මේ තමයි බුදු රජාණන් වහන්සේ දේශනා කල නිවන් මගට උපකාර කරන්නාවූ අවබෝධ කල යුතුවූ ගැඹුරැ ධර්මය.
සතර සති පට්ඨානය
1.කායානු පස්සනා සතිපට්ඨානය
කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව කෙලෙසුන් ප්‍රහානය කිරීමේ නුවනින් යුතුව මනා සිහි නුවනින් කය පිලිබඳව සිහිය යොමා ගෙන වාසය කිරීම නැතහොත් කයට අනුව සිහිය පිහිටුවීමයි.
2. වේදනානු පස්සනා සතිපට්ඨානය
සැප විඳීම දුක්විඳීම උපේක්‍ෂා විඳීම අනිත්‍ය බව අවබෝධයෙන් යුතුව වටහා ගෙන විඳීමට නොඇලී වාසය කිරීමයි
3. චිත්තානු පස්සනා සතිපට්ඨානය
දුක් දොම්නස් වලින් අත් මිදීම පිනිස චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිනිස අමා මහ නිවන සාක්‍ෂාත් කිරීම පිනිස සිත මෙහෙයවීම
4. ධම්මානු පස්සනා සතිපට්ඨානය
ධර්මයන් කෙරෙහි යෝනිසෝ මනසිකාරය කරමින් ඒ ඒ ධර්මයන් පිලිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් දැකීම.
සතර සම්‍යක් ප්‍රධාන වීර්යය
1.නූපන් අකුසල ධර්මයන් නූපදවීම පිනිස කරන වීර්ය
2.උපන් අකුසල ධර්මයන් ප්‍රහානය කිරීම පිනිස කරන වීර්ය
3.නූපන් කුසල ධර්මයන් උපදවා ගැනීම පිනිස කරන වීර්ය
4.උපන් කුසල ධර්මයන් වැඩි දියුනු කිරීම පිනිස කරන වීර්ය
සතර සෘද්ධි පාද
1.ඡන්ද සෘද්ධි පාදය
ධර්මය ඇසීමටත් ධර්මයේ හැසිරීමටත් ඇති බලවත් කැමැත්ත ඡන්ද සමාධි පදාන සංකාර සමන්නාගත සෘද්ධි පාදයයි.
2.චිත්ත සෘද්ධි පාදය
අරහත්වීමේ අධිෂ්ඨානය මුල් කරගෙන සතර සතිපට්ඨානයේ මනා කොට සිහිය පිහිටුවා ගෙන සතර සම්‍යක් ප්‍රධාන වීර්යයෙන් යුතුව චිත්ත සමාධිය වැඩීම චිත්ත සමාධි පදාන සංකාර සමන්නාගත සෘද්ධි පාදයයි.
3.විරිය සෘද්ධි පාදය
අරහත්වීමේ අධිෂ්ඨානය මුල් කරගෙන සතර සතිපට්ඨානයේ මනා කොට සිහිය පිහිටුවා ගෙන සතර සම්‍යක් ප්‍රධාන වීර්යයෙන් යුතුව වීර්ය සමාධිය වැඩීම වීර්ය සමාධි පදාන සංකාර සමන්නාගත සෘද්ධි පාදයයි.
4.වීමංසා සෘද්ධි පාදය
අරහත්වීමේ අධිෂ්ඨානය මුල් කරගෙන සතර සතිපට්ඨානයේ මනා කොට සිහිය පිහිටුවා ගෙන සතර සම්‍යක් ප්‍රධාන වීර්යයෙන් යුතුව වීමංසා සමාධිය වැඩීම වීමංසා සමාධි පදාන සංකාර සමන්නාගත සෘද්ධි පාදයයි. වීමංසා කියන්නෙ විමසිමයි
පංච ඉන්ද්‍රිය
1.ශ්‍රද්ධා ඉන්ද්‍රිය
ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියන්නෙ බුදු රජාණන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීමයි.. ස්‍රද්ධාති තථාගතස්ස බෝධිං.
බුදු රජාණන් වහන්සේ ගැන ඇතිවන නොසෙල්වෙන පැහැදීම.
ශ්‍රි සද් ධර්මය ගැන ඇතිවන නොසෙල්වෙන පැහැදීම.
ආර්ය මහා සංඝයා ගැන ඇතිවන නොසෙල්වෙන පැහැදීම.
2.විරිය ඉන්ද්‍රිය
නූපන් අකුසල ධර්මයන් නූපදවීම පිනිසත්, උපන් අකුසල ධර්මයන් ප්‍රහානය කිරීම පිනිසත්, නූපන් සීල සමාධි ප්‍රඥා උපදවා ගැනීම පිනිසත්, උපදවා ගත් සීල සමාධි ප්‍රඥා වැඩි දියුනු කර ගැනීමටත් යෙදන බලවත් වීර්යයි.
3.සති ඉන්ද්‍රිය
සති ඉන්ද්‍රිය නම් නිවන් අවබෝධ කරනවා කියන අදහසින් සතර සති පට්ඨානයේ සිහිය පිහිටුවා ගැනීමයි.
4.සමාධි ඉන්ද්‍රිය
නිවන අරමුනු කරගෙනම පලවෙනි ධ්‍යානයට දෙවනි ධ්‍යානයට තුන්වන ධ්‍යානයට සමවැදීම සමාධි ඉන්ද්‍රිය නම් වෙයි.
5.ප්‍රඥා ඉන්ද්‍රිය
නිවන අවබෝධ කිරීමට සිතන ආර්ය ස්‍රාවකයාට චතුරාර්‍ය සත්‍ය පිලිබඳව ඇතිවන අවබෝධාත්මක ප්‍රඥාවයි. පටිච්ච සමුප්පාදයේ හට ගැනීමත් පටිච්ච සමුප්පාදයේ නිරෝධයත් පිලිබඳ ඇතිවන අවබෝධයයි.
පංච බල
1.ස්‍රද්ධා බලය
ස්‍රද්ධා ඉන්ද්‍රියම ක්‍රියාවට නැංවීම ස්‍රද්ධා බලය වෙයි
2.විරිය බලය
වීර්ය ඉන්ද්‍රියම ක්‍රියාවට නැංවීම වීර්ය බලය වෙයි
3.සති බලය
සති ඉන්ද්‍රියම ක්‍රියාවට නැංවීම සති බලය වෙයි
4.සමාධි බලය
සමාධි ඉන්ද්‍රියම ක්‍රියාවට නැංවීම සමාධි බලය වෙයි
5.ප්‍රඥා බලය
ප්‍රඥා ඉන්ද්‍රියම ක්‍රියාවට නැංවීම ප්‍රඥා බලය වෙයි
සප්ත බොඡ්ඡංග
1.සති සම්බොඡ්ඣංගය
සති සම්බොඡ්ඣංගය කියන්නෙ ධර්මය මනා නුවනින් විමසමින් යෝනිසෝ මනසිකාරයේ යෙදෙමින් මනා කොට ධර්මය අවබෝධ වන ආකාරයටම සිහිය පැවැත්වීමයි.
2.ධම්ම විජය සම්බොඡ්ඣංගය
ධම්ම විජය සම්බොඡ්ඣංගය කියන්නෙ කුසල හා අකුසල ධර්මද වැරදි හා නිවරදි ධර්මද උසස් හා පහත් ධර්මද නිවරදිව හඳුනාගෙන චතුරාර්‍ය සත්‍ය අවබෝධ වන ආකාරයට නුවනින් විමසීමයි.
3.විරිය සම්බොඡ්ඣංගය
විරිය සම්බොඡ්ඣංගය කියන්නෙ පටන් ගත් වීර්යයෙන් යුතුව බලවත්වූ වීර්යයෙන් ධර්මය අවබෝධ කිරීම පිනිසම යෝනිසෝ මනසිකාරයේ යෙදීමයි.
3.ප්‍රීති සම්බොඡ්ඣංගය
ප්‍රීති සම්බොඡ්ඣංගය කියන්නෙ ධර්මය අවබෝධ වීමෙන් ලබන චිත්ත ප්‍රීතියයි.
4.පස්සද්ධි සම්බොඡ්ඣංගය
පස්සදධි සම්බොඡ්ඣංගය කියන්නෙ ධර්මය අවබෝධ වීමෙන් ලබන කායික මානසික සැහැල්ලුවයි.
5.සමාධි සම්බොඡ්ඣංගය
සමාධි සම්බොඡ්ඣංගය කියන්නෙ භාවනාවේ යෙදෙමින් සිතඑක අරමුනකට එකඟ කර ගැනීමයි.
6.උපේක්ඛා සම්බොඡ්ඣංගය
උපේක්ඛා සම්බොඡ්ඣංගය කියන්නෙ මනා කොට ඉවසීම ප්‍රගුන වීමෙන් සිත උපේක්‍ෂාවට පත්ව සංවර වීමයි.
ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය
1.සම්මා දිට්ඨිය
දුක පිරිසිඳ දැකිය යුතුයි.
දුක හට ගන්නාවූ තෘෂ්නාව ප්‍රහානය කල යුතුයි.
දුක නැතිකල බව තන්හාව ප්‍රහානය කලබව තමා අත් දැකිය යුතුයි.
ශීල සමාධි ප්‍රඥා වශයෙන් මාර්ගය වැඩිය යුතුයි.
2.සම්මා සංකප්ප
දුකින් නිදහස් වීමට සිතන නෙක්ඛම් සංකල්පනාවත් මෛත්‍රී කරැනා මුදිතා ආදී සිතන අව්‍යාපාද සංකල්පනාවත් හිංසාවෙන් තොරව කටයුතු කරන අවිහිංසා සංකල්පනාවත්
3.සම්මා වාචා
බොරැ කීමෙන් වැලකීම කේලමෙන් වැලකීම පරැෂ වචනයෙන් වැලකීම හිස් වචනයෙන් වැලකීම
4.සම්මා කම්මන්ත
කිසියම් ජීවිතයකට හානි කිරීමෙන් හෝ අනුබල දීමෙන් වැලකීම. තමාට අයත් නොවන කිසිවක් සොර සිතින් ගැනීමෙන් වැලකීම. කාමයේ වරදවා හැසිරීමෙන් වැලකීම.
5.සම්මා ආජීවය
අසම්මත වූ ලාමක වූ විවිධ ක්‍රම මගින් ජීවත් වීමෙන් වැලකී ධාර්මිකව ජීවත්වීම.
6.සම්මා වායාමය
හට ගත් අකුසලයන් ප්‍රහානය කිරීමට වෑයම් කිරීමත්. නූපන් කුසල් උපදවා ගැනීමට වෑයම් කිරීමත්. ඒකට බලවත්වූ වීර්ය කිරීමත්.
7.සම්මා සතිය
සතර මහ ධාතූන්ගෙන් හට ගත් මේ කය කෙරෙහි යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් කෙලෙස් ප්‍රහානය කරන නුවනින් යුතුව අවබෝධයෙන් සිතීම.
8.සම්මා සමාධිය
සතර සති පට්ඨානයේ සිහිය පවත්වමින් පංච නීවරන සංසිදුවා ලබන විවේකයෙන් යුතුව කයේ මනසේ ප්‍රීතිය ඇතුව
ප්‍රථම ධ්‍යානයෙන් යුතුව වාසය කිරීම.
දෙවන ධ්‍යානයෙන් යුතුව වාසය කිරීම.
තෙවන ධ්‍යානයෙන් යුතුව වාසය කිරීම.
හතරවන ධ්‍යානයෙන් යුතුව වාසය කිරීම.
සාධු ....! සාධු ....! සාධු ....! !
ගෞතම බුදු රජාණන් වහන්සේ විසින් ආකාර තිස් හතකින් විග්‍රහ කල නිවන් මගටම මුල්වූ ඒ මහා අනර්ඝ පැහැදිලි කිරීම බුදු දහමේ මූලික හරයයි මූලික ඉලක්කයයි.
මහ රහතන් වහන්සේලා බිහි උනෙත් මේ ධර්මය අනුගමනය කිරීමෙන්මයි. මාර්ගඵල ලාබී අනෙකුත් ගිහි පැවිදි ශ්‍රාවකයන් බිහි උනේද මේ ධර්මය අනුගමනය කිරීමෙන්මයි. ජය ශ්‍රී මහා බෝධි මූලයේදී ගෞතමයන් වහන්සේ බුද්ධත්වය අවබෝධ කලේද මේ ධර්මය අනුගමනය කිරීමෙන්මයි..
ඉතින් මේ තමයි බුදු රජාණන් වහන්සේ දේශනා කල නිවන් මගට උපකාර කරන්නාවූ අවබෝධ කල යුතුවූ ගැඹුරැ ධර්මය.
සතර සති පට්ඨානය
1.කායානු පස්සනා සතිපට්ඨානය
කෙලෙස් තවන වීර්යයෙන් යුක්තව කෙලෙසුන් ප්‍රහානය කිරීමේ නුවනින් යුතුව මනා සිහි නුවනින් කය පිලිබඳව සිහිය යොමා ගෙන වාසය කිරීම නැතහොත් කයට අනුව සිහිය පිහිටුවීමයි.
2. වේදනානු පස්සනා සතිපට්ඨානය
සැප විඳීම දුක්විඳීම උපේක්‍ෂා විඳීම අනිත්‍ය බව අවබෝධයෙන් යුතුව වටහා ගෙන විඳීමට නොඇලී වාසය කිරීමයි
3. චිත්තානු පස්සනා සතිපට්ඨානය
දුක් දොම්නස් වලින් අත් මිදීම පිනිස චතුරාර්‍ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීම පිනිස අමා මහ නිවන සාක්‍ෂාත් කිරීම පිනිස සිත මෙහෙයවීම
4. ධම්මානු පස්සනා සතිපට්ඨානය
ධර්මයන් කෙරෙහි යෝනිසෝ මනසිකාරය කරමින් ඒ ඒ ධර්මයන් පිලිබඳ යථා ස්වභාවය අවබෝධයෙන් දැකීම.
සතර සම්‍යක් ප්‍රධාන වීර්යය
1.නූපන් අකුසල ධර්මයන් නූපදවීම පිනිස කරන වීර්ය
2.උපන් අකුසල ධර්මයන් ප්‍රහානය කිරීම පිනිස කරන වීර්ය
3.නූපන් කුසල ධර්මයන් උපදවා ගැනීම පිනිස කරන වීර්ය
4.උපන් කුසල ධර්මයන් වැඩි දියුනු කිරීම පිනිස කරන වීර්ය
සතර සෘද්ධි පාද
1.ඡන්ද සෘද්ධි පාදය
ධර්මය ඇසීමටත් ධර්මයේ හැසිරීමටත් ඇති බලවත් කැමැත්ත ඡන්ද සමාධි පදාන සංකාර සමන්නාගත සෘද්ධි පාදයයි.
2.චිත්ත සෘද්ධි පාදය
අරහත්වීමේ අධිෂ්ඨානය මුල් කරගෙන සතර සතිපට්ඨානයේ මනා කොට සිහිය පිහිටුවා ගෙන සතර සම්‍යක් ප්‍රධාන වීර්යයෙන් යුතුව චිත්ත සමාධිය වැඩීම චිත්ත සමාධි පදාන සංකාර සමන්නාගත සෘද්ධි පාදයයි.
3.විරිය සෘද්ධි පාදය
අරහත්වීමේ අධිෂ්ඨානය මුල් කරගෙන සතර සතිපට්ඨානයේ මනා කොට සිහිය පිහිටුවා ගෙන සතර සම්‍යක් ප්‍රධාන වීර්යයෙන් යුතුව වීර්ය සමාධිය වැඩීම වීර්ය සමාධි පදාන සංකාර සමන්නාගත සෘද්ධි පාදයයි.
4.වීමංසා සෘද්ධි පාදය
අරහත්වීමේ අධිෂ්ඨානය මුල් කරගෙන සතර සතිපට්ඨානයේ මනා කොට සිහිය පිහිටුවා ගෙන සතර සම්‍යක් ප්‍රධාන වීර්යයෙන් යුතුව වීමංසා සමාධිය වැඩීම වීමංසා සමාධි පදාන සංකාර සමන්නාගත සෘද්ධි පාදයයි. වීමංසා කියන්නෙ විමසිමයි
පංච ඉන්ද්‍රිය
1.ශ්‍රද්ධා ඉන්ද්‍රිය
ශ්‍රද්ධා ඉන්ද්‍රිය කියන්නෙ බුදු රජාණන් වහන්සේගේ අවබෝධය අදහා ගැනීමයි.. ස්‍රද්ධාති තථාගතස්ස බෝධිං.
බුදු රජාණන් වහන්සේ ගැන ඇතිවන නොසෙල්වෙන පැහැදීම.
ශ්‍රි සද් ධර්මය ගැන ඇතිවන නොසෙල්වෙන පැහැදීම.
ආර්ය මහා සංඝයා ගැන ඇතිවන නොසෙල්වෙන පැහැදීම.
2.විරිය ඉන්ද්‍රිය
නූපන් අකුසල ධර්මයන් නූපදවීම පිනිසත්, උපන් අකුසල ධර්මයන් ප්‍රහානය කිරීම පිනිසත්, නූපන් සීල සමාධි ප්‍රඥා උපදවා ගැනීම පිනිසත්, උපදවා ගත් සීල සමාධි ප්‍රඥා වැඩි දියුනු කර ගැනීමටත් යෙදන බලවත් වීර්යයි.
3.සති ඉන්ද්‍රිය
සති ඉන්ද්‍රිය නම් නිවන් අවබෝධ කරනවා කියන අදහසින් සතර සති පට්ඨානයේ සිහිය පිහිටුවා ගැනීමයි.
4.සමාධි ඉන්ද්‍රිය
නිවන අරමුනු කරගෙනම පලවෙනි ධ්‍යානයට දෙවනි ධ්‍යානයට තුන්වන ධ්‍යානයට සමවැදීම සමාධි ඉන්ද්‍රිය නම් වෙයි.
5.ප්‍රඥා ඉන්ද්‍රිය
නිවන අවබෝධ කිරීමට සිතන ආර්ය ස්‍රාවකයාට චතුරාර්‍ය සත්‍ය පිලිබඳව ඇතිවන අවබෝධාත්මක ප්‍රඥාවයි. පටිච්ච සමුප්පාදයේ හට ගැනීමත් පටිච්ච සමුප්පාදයේ නිරෝධයත් පිලිබඳ ඇතිවන අවබෝධයයි.
පංච බල
1.ස්‍රද්ධා බලය
ස්‍රද්ධා ඉන්ද්‍රියම ක්‍රියාවට නැංවීම ස්‍රද්ධා බලය වෙයි
2.විරිය බලය
වීර්ය ඉන්ද්‍රියම ක්‍රියාවට නැංවීම වීර්ය බලය වෙයි
3.සති බලය
සති ඉන්ද්‍රියම ක්‍රියාවට නැංවීම සති බලය වෙයි
4.සමාධි බලය
සමාධි ඉන්ද්‍රියම ක්‍රියාවට නැංවීම සමාධි බලය වෙයි
5.ප්‍රඥා බලය
ප්‍රඥා ඉන්ද්‍රියම ක්‍රියාවට නැංවීම ප්‍රඥා බලය වෙයි
සප්ත බොඡ්ඡංග
1.සති සම්බොඡ්ඣංගය
සති සම්බොඡ්ඣංගය කියන්නෙ ධර්මය මනා නුවනින් විමසමින් යෝනිසෝ මනසිකාරයේ යෙදෙමින් මනා කොට ධර්මය අවබෝධ වන ආකාරයටම සිහිය පැවැත්වීමයි.
2.ධම්ම විජය සම්බොඡ්ඣංගය
ධම්ම විජය සම්බොඡ්ඣංගය කියන්නෙ කුසල හා අකුසල ධර්මද වැරදි හා නිවරදි ධර්මද උසස් හා පහත් ධර්මද නිවරදිව හඳුනාගෙන චතුරාර්‍ය සත්‍ය අවබෝධ වන ආකාරයට නුවනින් විමසීමයි.
3.විරිය සම්බොඡ්ඣංගය
විරිය සම්බොඡ්ඣංගය කියන්නෙ පටන් ගත් වීර්යයෙන් යුතුව බලවත්වූ වීර්යයෙන් ධර්මය අවබෝධ කිරීම පිනිසම යෝනිසෝ මනසිකාරයේ යෙදීමයි.
3.ප්‍රීති සම්බොඡ්ඣංගය
ප්‍රීති සම්බොඡ්ඣංගය කියන්නෙ ධර්මය අවබෝධ වීමෙන් ලබන චිත්ත ප්‍රීතියයි.
4.පස්සද්ධි සම්බොඡ්ඣංගය
පස්සදධි සම්බොඡ්ඣංගය කියන්නෙ ධර්මය අවබෝධ වීමෙන් ලබන කායික මානසික සැහැල්ලුවයි.
5.සමාධි සම්බොඡ්ඣංගය
සමාධි සම්බොඡ්ඣංගය කියන්නෙ භාවනාවේ යෙදෙමින් සිතඑක අරමුනකට එකඟ කර ගැනීමයි.
6.උපේක්ඛා සම්බොඡ්ඣංගය
උපේක්ඛා සම්බොඡ්ඣංගය කියන්නෙ මනා කොට ඉවසීම ප්‍රගුන වීමෙන් සිත උපේක්‍ෂාවට පත්ව සංවර වීමයි.
ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය
1.සම්මා දිට්ඨිය
දුක පිරිසිඳ දැකිය යුතුයි.
දුක හට ගන්නාවූ තෘෂ්නාව ප්‍රහානය කල යුතුයි.
දුක නැතිකල බව තන්හාව ප්‍රහානය කලබව තමා අත් දැකිය යුතුයි.
ශීල සමාධි ප්‍රඥා වශයෙන් මාර්ගය වැඩිය යුතුයි.
2.සම්මා සංකප්ප
දුකින් නිදහස් වීමට සිතන නෙක්ඛම් සංකල්පනාවත් මෛත්‍රී කරැනා මුදිතා ආදී සිතන අව්‍යාපාද සංකල්පනාවත් හිංසාවෙන් තොරව කටයුතු කරන අවිහිංසා සංකල්පනාවත්
3.සම්මා වාචා
බොරැ කීමෙන් වැලකීම කේලමෙන් වැලකීම පරැෂ වචනයෙන් වැලකීම හිස් වචනයෙන් වැලකීම
4.සම්මා කම්මන්ත
කිසියම් ජීවිතයකට හානි කිරීමෙන් හෝ අනුබල දීමෙන් වැලකීම. තමාට අයත් නොවන කිසිවක් සොර සිතින් ගැනීමෙන් වැලකීම. කාමයේ වරදවා හැසිරීමෙන් වැලකීම.
5.සම්මා ආජීවය
අසම්මත වූ ලාමක වූ විවිධ ක්‍රම මගින් ජීවත් වීමෙන් වැලකී ධාර්මිකව ජීවත්වීම.
6.සම්මා වායාමය
හට ගත් අකුසලයන් ප්‍රහානය කිරීමට වෑයම් කිරීමත්. නූපන් කුසල් උපදවා ගැනීමට වෑයම් කිරීමත්. ඒකට බලවත්වූ වීර්ය කිරීමත්.
7.සම්මා සතිය
සතර මහ ධාතූන්ගෙන් හට ගත් මේ කය කෙරෙහි යථා ස්වභාවය අවබෝධයෙන් දකිමින් කෙලෙස් ප්‍රහානය කරන නුවනින් යුතුව අවබෝධයෙන් සිතීම.
8.සම්මා සමාධිය
සතර සති පට්ඨානයේ සිහිය පවත්වමින් පංච නීවරන සංසිදුවා ලබන විවේකයෙන් යුතුව කයේ මනසේ ප්‍රීතිය ඇතුව
ප්‍රථම ධ්‍යානයෙන් යුතුව වාසය කිරීම.
දෙවන ධ්‍යානයෙන් යුතුව වාසය කිරීම.
තෙවන ධ්‍යානයෙන් යුතුව වාසය කිරීම.
හතරවන ධ්‍යානයෙන් යුතුව වාසය කිරීම.
සාධු ....! සාධු ....! සාධු ....! !
Tuesday, June 6, 2017
දහම දකින්නේ කෙසේද?
බුදුන් වහන්සේ දේශනා කලේ තමා පිළිබඳව තමන් විසින්ම අවබෝධ කලයුතු දෙයක්. ඒ සඳහා තම තමන්ගේ මනස තම තමන් විසින්ම වර්ධනය කල යුතු වෙනවා. එහෙම කරන්න උදව්වක් , උපකාරයක්, මග පෙන්වීමක් තමයි උන්වහන්සේ දේශනා කලේ. යම් කෙනෙක් ධර්මය අවබෝධ කිරීමේදී සත්‍ය වශයෙන්ම අවබෝධ වන්නේ තමා පිළිබඳවයි. අන්න ඒ නිසා තමයි ධර්මයේ ස්වභාවය විස්තර කිරීමේදී "පච්චත්තන් වේදිතබ්බෝ විඤ්ඤූහීතී" යනුවෙන් විග්‍රහ වෙන්නේ.
ඒකෙ තේරුම තමයි තමා තුලින් තමාව දැකගෙන තමා තුලින් තමාව අවබෝධ කලයුතු බව.
වෙනත් කෙනෙක් ධර්මය අවබෝධ කලොත් ඔහු හෝ ඇයට අවබෝධ වන්නේ ඔහු හෝ ඇය පිළිබඳවයි. එම අවබෝධය පෞද්ගලික එකක් . තම තමාගේ මානසික ශක්තියේ පිබිදීමක් තුලින් ලබන අවබෝධයක්. යම් කෙනෙකුගේ අවබෝධය තවත් කෙනෙකුට ඇස්දෙකෙන් දැකල අතින් ස්පර්ශ කරලා බලාගන්න පුළුවන් දෙයක් නෙමෙයි. එකට මිනුම් දඬු නෑ . භෞතිකව මිනුම් දණ්ඩකින් මනින්න බෑ . ධර්මාවබෝධය පිළිබඳ සත්‍ය ඔන්න ඕකයි.
මේ සත්‍ය තේරුම් නොගත් සමහර උදවිය දහම අවබෝධ කරන්න උත්සාහ ගන්නේ නෑ. ඒගොල්ලෝ විවිධ තර්ක විතර්ක කරමින් දහම් අවබෝධ කරන්න උත්සාහ ගන්නා අයවත් තමන්ගේ මිත්‍යා දෘෂ්ටි අදහස් වලට හසු කරගන්න උත්සාහ කරනවා. මෑත යුගයේ එවැනි මිත්‍යා දෘෂ්ටි අදහස් දරන අය මෙවැනි දේ ප්‍රකාශ කරනවා.
1. ඔය දහම අහල රහත් උන කෙනෙක් ඉන්නවනම් අපි කොහොමද එයා රහත් කියල හරියටම දැන ගන්නේ?
2. එහෙම හරියටම දන්නේ නැතුව අපි මොකටද ඕක අවබෝධ කරගන්න කාලය නාස්ති කරන්නේ?
3. Target එකක් Achieve කරපු බව ඔප්පු කරගන්න බැරි නම් ඒකෙන් වැඩක් නෑනේ.
4. බුදු හාමුදුරුවෝ හරියටම බුදු උනා කියල ඔයා කොහොමද දන්නේ?
5. එහෙම නොදැන එයාගේ ධර්මය අනුගමනය කරන එකේ කිසි තේරුමක් නෑනේ
මෙන්න මේ වගේ අදහස් වලින් එවැනි අය තමන්ගේ ඔලුව පුරවාගෙන ඉන්නවා. අනිත් අයටත් එවැනි අදහස් ඇති කරවල ධර්ම මාර්ගයේ යන ගමනට බාධා කරනවා.
ධර්මය අවබෝධ වීම කියල කියන්නේ තනිකරම මනසේ ඇතිවන පිබිදීමක්. මනස වැඩෙනවා. වැඩුණු මනස තුල ප්‍රඥාව පහල වෙනවා. එය කිසිම උපකරණයකින් මැනලා පෙන්නන්න බෑ. ඉතා සරල උදහරනකින් තේරුම් කරනවානම්, යම් කෙනෙක් තමන්ගේ දරුවෙකුට ඇති ආදරය, කරුණාව වගේ හැඟීමක් කිරල මැනලා පෙන්නන්න බෑ වගේ. ඒ ආදරයේ හෝ කරුණාවේ තරම දන්නේ එම පුද්ගලයා පමණයි. තවත් කෙනෙක් වෙනුවෙන් ඒක ඔප්පු කරලා පෙන්නන්න බෑ
මොන දේ කරලා පෙන්නුවත් තව කෙනෙකුට තර්ක කරන්න පුළුවන් ඕව කරන්නේ මතුපිට හැඟීමකින් විතරයි, ඇත්තටම ආදරයකින් කරුණාවකින් නෙමේ කියල. මනසේ ඇතිවන හැඟීම් , ආදරය, කරුණාව, විරහව , වෛරය , ක්‍රෝධය , ප්‍රඥාව , ශ්‍රද්ධාව , අවබෝධය වගේ දේවල් කිරල මැනලා ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් දේවල් නෙමේ. ඒවා තම තමන් විසින් දැන ගන්න දේවල්. එක තමයි යථාර්තය.
ඒ නිසා ඔබ ධර්ම මාර්ගයේ යන්න ධර්මය අවබෝධ කරන්න පසුබට වන්න එපා. බුදුන් වහන්සේ වදාළ පිළිවෙලට ආර්ය මාර්ගය ට පිවිසිලා සිහියෙන් නුවනින් ධර්මය අධ්‍යනය කරලා ප්‍රථිපල ලබන්න උත්සාහවත් වන්න. නොපසුබට වීර්යයෙන් කටයුතු කරන්න.
ඔබ සැමට තෙරුවන් සරණයි.
ඔබගේ කල්‍යාන මිත්‍ර,
සුරේෂ් රොඩ්රිගෝ
ඒකෙ තේරුම තමයි තමා තුලින් තමාව දැකගෙන තමා තුලින් තමාව අවබෝධ කලයුතු බව.
වෙනත් කෙනෙක් ධර්මය අවබෝධ කලොත් ඔහු හෝ ඇයට අවබෝධ වන්නේ ඔහු හෝ ඇය පිළිබඳවයි. එම අවබෝධය පෞද්ගලික එකක් . තම තමාගේ මානසික ශක්තියේ පිබිදීමක් තුලින් ලබන අවබෝධයක්. යම් කෙනෙකුගේ අවබෝධය තවත් කෙනෙකුට ඇස්දෙකෙන් දැකල අතින් ස්පර්ශ කරලා බලාගන්න පුළුවන් දෙයක් නෙමෙයි. එකට මිනුම් දඬු නෑ . භෞතිකව මිනුම් දණ්ඩකින් මනින්න බෑ . ධර්මාවබෝධය පිළිබඳ සත්‍ය ඔන්න ඕකයි.
මේ සත්‍ය තේරුම් නොගත් සමහර උදවිය දහම අවබෝධ කරන්න උත්සාහ ගන්නේ නෑ. ඒගොල්ලෝ විවිධ තර්ක විතර්ක කරමින් දහම් අවබෝධ කරන්න උත්සාහ ගන්නා අයවත් තමන්ගේ මිත්‍යා දෘෂ්ටි අදහස් වලට හසු කරගන්න උත්සාහ කරනවා. මෑත යුගයේ එවැනි මිත්‍යා දෘෂ්ටි අදහස් දරන අය මෙවැනි දේ ප්‍රකාශ කරනවා.
1. ඔය දහම අහල රහත් උන කෙනෙක් ඉන්නවනම් අපි කොහොමද එයා රහත් කියල හරියටම දැන ගන්නේ?
2. එහෙම හරියටම දන්නේ නැතුව අපි මොකටද ඕක අවබෝධ කරගන්න කාලය නාස්ති කරන්නේ?
3. Target එකක් Achieve කරපු බව ඔප්පු කරගන්න බැරි නම් ඒකෙන් වැඩක් නෑනේ.
4. බුදු හාමුදුරුවෝ හරියටම බුදු උනා කියල ඔයා කොහොමද දන්නේ?
5. එහෙම නොදැන එයාගේ ධර්මය අනුගමනය කරන එකේ කිසි තේරුමක් නෑනේ
මෙන්න මේ වගේ අදහස් වලින් එවැනි අය තමන්ගේ ඔලුව පුරවාගෙන ඉන්නවා. අනිත් අයටත් එවැනි අදහස් ඇති කරවල ධර්ම මාර්ගයේ යන ගමනට බාධා කරනවා.
ධර්මය අවබෝධ වීම කියල කියන්නේ තනිකරම මනසේ ඇතිවන පිබිදීමක්. මනස වැඩෙනවා. වැඩුණු මනස තුල ප්‍රඥාව පහල වෙනවා. එය කිසිම උපකරණයකින් මැනලා පෙන්නන්න බෑ. ඉතා සරල උදහරනකින් තේරුම් කරනවානම්, යම් කෙනෙක් තමන්ගේ දරුවෙකුට ඇති ආදරය, කරුණාව වගේ හැඟීමක් කිරල මැනලා පෙන්නන්න බෑ වගේ. ඒ ආදරයේ හෝ කරුණාවේ තරම දන්නේ එම පුද්ගලයා පමණයි. තවත් කෙනෙක් වෙනුවෙන් ඒක ඔප්පු කරලා පෙන්නන්න බෑ
මොන දේ කරලා පෙන්නුවත් තව කෙනෙකුට තර්ක කරන්න පුළුවන් ඕව කරන්නේ මතුපිට හැඟීමකින් විතරයි, ඇත්තටම ආදරයකින් කරුණාවකින් නෙමේ කියල. මනසේ ඇතිවන හැඟීම් , ආදරය, කරුණාව, විරහව , වෛරය , ක්‍රෝධය , ප්‍රඥාව , ශ්‍රද්ධාව , අවබෝධය වගේ දේවල් කිරල මැනලා ඔප්පු කරලා පෙන්නන්න පුළුවන් දේවල් නෙමේ. ඒවා තම තමන් විසින් දැන ගන්න දේවල්. එක තමයි යථාර්තය.
ඒ නිසා ඔබ ධර්ම මාර්ගයේ යන්න ධර්මය අවබෝධ කරන්න පසුබට වන්න එපා. බුදුන් වහන්සේ වදාළ පිළිවෙලට ආර්ය මාර්ගය ට පිවිසිලා සිහියෙන් නුවනින් ධර්මය අධ්‍යනය කරලා ප්‍රථිපල ලබන්න උත්සාහවත් වන්න. නොපසුබට වීර්යයෙන් කටයුතු කරන්න.
ඔබ සැමට තෙරුවන් සරණයි.
ඔබගේ කල්‍යාන මිත්‍ර,
සුරේෂ් රොඩ්රිගෝ
Thursday, May 28, 2015
රහමෙර පානයෙහි ආදීනව
සුරාමේරය පානඤ්ච යෝ නරෝ අනුයුඤ්ජතිඉධේවමේසෝ ලෝකස්මිං මූලං ඛණිති අත්තනෝති
යම්කිසි
මිනිසෙක් සුරාව පානය කරන්නේද? ඔහු පරලොව ජීවිතය අවාසනාවන්ත කර ගන්නා අතරම මෙලොව ජීවිතයේ
සියලු අභිවෘද්ධින්ද මුලිනුපුටා විනාශ කරගනු ලබයි.
බුදුරජාණන් වහන්සේ රහමෙර පානයෙහි ආදීනව විවිධ දේශනා වලින් පැහැදිලි කර දෙයි. සිඟාලෝවාද සූත්රයෙහි ,
සන්දිට්ඨිකා ධනඤජානි, කලහප්පවඩ්ඪති, රෝගානං ආයතනාවං, අතිත්ති සංජනනී, කෝපීනං නිදංසනී, පඤ්ඤාය දුබ්බලී කරණී, ජට්ඨං පදං භවති ඉමේ ඛෝ ගහපතිපුත්ත ඡ ආදීනවා සුරාමේරය මජ්ජපමා දට්ඨානුයෝගේ යනුවෙන්
දක්වා තිබේ.
1. තමා සතු රන්රිදී
ගේ දොර මුතු මැණික් ආදි දේ විනාශ වී යනවා. (සන්දිට්ඨිකා ධනඤජානි)
2. අඩ දබර කලකෝලාහල
ඇති වෙනවා. (කලහප්පවඩ්ඪති )
3. ලෙඩ රෝග වැලදෙනවා,
( රෝගානං ආයතනාවං )
4. නින්දා අපහාස ඇති වෙනවා, (අතිත්ති සංජනනී)
5. ලැජ්ජා භය නැති වී තිරිසෙනෙක් මෙන් හැසිරෙනවා.
(කෝපීනං නිදංසනී)
6, නුවණ පිරිහී දුර්වල අයෙකු වෙනවා. (පඤ්ඤාය දුබ්බලී කරණී)Monday, October 13, 2014
පාප මිතුරා හා කළ්‍යාණ මිතුරා බුදුදහම හඳුන්වන ආකාරය බලමු.
බුදු දහමට අනුව පාප මිතුරන් සිව් දෙනෙකි.
2. වචීපරම – වචනයෙන් පමණක් සිටින්නා
3. අනුප්පියභාණී - හොද නරක තෝරා නොදෙන හොඳ නරක දෙකම අනුමත කරන්නා.
4. අපාය සහාය – අපායට ඇදගෙන යන්නා නොහොත් පාපයට පොලඹවන්නා.
බුදු දහමට අනුව හොඳ මිතුරන් සිව් දෙනෙකි.
2. සමාන සුඛදුක්ඛ – දුක, සැප දෙකේ දී ම සමානව සිටින්නා
3. අත්ථක්‍ඛායි – යහපත වෙනුවෙන් මාර්ගය පෙන්වන්නා
4. අනුකම්පක – අනුකම්පාවෙන් කටයුතු කරන්නා
අපේ ජීවිතයේ යහපත සාදා ගැනීමට ඇති හොඳ ම මඟ කල්‍යාණ මිත්‍ර සම්පත්තිය බව බුදුරජාණන් වහන්සේ පෙන්වා දී ඇත. කළණ මිතුරන් ලෙස සිටින පාප මිත්‍රයන්ගෙන් බේරීමට ඇති අවස්ථා බොහෝ අවමය.
පාප මිතුරන්
”පතිරූපකො මත්තිකා කුණ්ඩලොව“අලංකාර ලෙස මැටියෙන් කළ කුණ්ඩලාභරණ මෙනි.
”ලොහඩ්ඪ මාසොව සුවණ්ණ ඡණ්නො”
රත්තරන් ගෑ ලෝහ කාසි මෙන් පිටින් ඔපවත් ය. ඇතුළතින් අපිරිසුදු ය.
”ගී කිය කියා ලේ බොන මදුරුවාට වඩා - කොටියා හොඳයි එකපාරට පනින කඩා
ගී කියමින් ලේ උරා බොමින් මදුරුවන් මෙන් අපේ ජීවිත විනාශ කිරීමට ක්‍රියා කරන මිතුරෝ සිටිති.
”නො වෙ ලහෙථ නිපකං සහායං - සද්ධිං චරං සාධුවිහාරි ධීරං”
යමෙක්ට හොඳ මිත්‍රයෙක් නොලැබේ නම් -
”එකො චරෙ ඛග්ගවිසානකප්පො”
කඟවේනෙක් මෙන් තනිව සිටින ලෙසත්, අසත්පුරුෂ මිතුරන් නැති කල්හි ජීවිතය යහපත් බවත් බුද්ධ දේශනාවයි.
”චරඤ්චෙ නාධිගච්ඡෙය්‍ය - සෙය්‍යං සදිසමත්තනො - එකචරියං දළ්හං කයිරා නත්ථි බාලෙ සහායතා”
තමන්ට සුදුසු තමන්ගේ මට්ටමට ගැළපෙන මිතුරෙක් නොමැති කල්හි තනිව ජීවත්වීම සුදුසු ය.
බාලයෙක් (නුවණ මඳ පුද්ගලයෙක්) ඇසුරු නොකරන්න.
බාලයා හඳුනා ගැනීම අසත්පුරුෂයා හඳුනා ගැනීමයි සත්පුරුෂයා හඳුනා ගැනීම කල්‍යාණ මිතුරා හඳුනා ගැනීමයි.
”දුච්චින්තිතවින්ති ච හෙති, දුබ්භාසිතතාසි, දුක්කතකම්මකාරී”
දුච්චින්තිතචින්ති – පාප මිත්‍රයා වැරදි ලෙස සිතයි, දුබ්භාසිතතාසි - නොකල යුතු කතා කරයි, දුක්කතකම්මකාරී - නොකල යුතු දේ කරයි.
කලණ මිතුරා කළ යුතු දේ කරයි. හොඳ ආකාරයෙන් සිතයි. යහපත් දේ කතාකරයි. එමෙන් හොද මිතුරාට නොකළ හැකි දෙයක් නොමැත. නොදිය හැකි දෙයක් නොමැත. නොඉවසිය හැකි දෙයක් නොමැත.
Thursday, October 9, 2014
දහම සැක කිරීම සහ දහම ගැන විමසිලිමත් වීම.
දහම සැක කරන පුද්ගලයා සෑම විටම කරන්නේ දහමට පිටු පෑමයි. දහමේ කියවෙන දේවල් තමන්ගේ ජිවිතයට ප්‍රයෝගිකව ගලපා ගැනීමට පොඩි උත්සහයක් වත් ගන්නේ නෑ . ඔහු නිතරම අහන්නේ ඕව බුදු හාමුදුරුවෝ කිව්වද කියල කොහොමද ඔයා හරියටම දන්නේ කියල.
බුදුන් වහන්සේ කාලාම සුත්‍රයේදී දේශනා කළා මා කියූ පමණින් පිළිගන්න එපා කියල. එකෙන්ම පැහැදිලි වෙනවා උන්වහන්සේ දේශනා කලේ ප්‍රයෝගික දහමක් කියන එක. කිව්ව පමණින් පිළිගන්න එපා කිව්වේ ඒකයි. අප විසින් කල යුත්තේ ප්‍රයෝගිකව ක්‍රියාත්මක කිරීම තුලින් දහම වටහා ගැනීමයි. පිළිගනිම හෝ නොපිළිගැනීම පසෙක තබා දහම ගැන විමසිලිමත් වන පුද්ගලයා කරන්නේ දහම ප්‍රයෝගිකව ක්‍රියාත්මක කිරීමයි. එවිට එහි සත්‍ය භාවය ප්‍රත්‍යක්ෂ කරගත හැකියි.
උදාහරණයකට මෙහෙම සිතන්න;
ඔන්න ඔබට පිපාසය දැනෙනවා. එවිට ඔබේ මිතුරෙක් වතුර බොනවා ඔබට පේනවා. ඔබට මිතුරා කියනවා වතුර බිව්වම පිපාසය නැති වෙනවා කියල. ඔබ වතුර පානය කිරීම ගැන සැක කර කර වතුර නොබී සිටින තාක් කල් ඔබේ පිපාසය සංසිදෙන්නේ නෑ නේද? සැකය පසෙක තබා වතුර බීලම බලල පිපාසය සංසිදෙන බව අත්දැකීමෙන්ම අවබෝධ කරගත් විට තව දුරටත් සැකයක් ඉතිරි වෙන්නේ නෑ. එවිට ඔබ ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දැනගන්නවා පිපාසය සැදුනු විට වතුර බිමෙන් පිපාසය සංසිදෙන බව.
දහමත් ඒ වගේමයි. දහමේ එන කරුණු ප්‍රයෝගිකව ක්‍රියාත්මක කිරීම තුලින් පමණයි ප්‍රතිඵල ලබන්න පුළුවන් වෙන්නේ. පිළිගනිම හෝ නොපිළිගැනීම පසෙක තබා දහම ගැන විමසිලිමත් වන්න. නුවනින් මෙනෙහි කරන්න. එය ක්‍රියාත්මක කර ප්‍රතිඵල ලබන්න. එවිට එහි සත්‍ය භාවය ප්‍රත්‍යක්ෂ කරගත හැකියි.
Monday, October 6, 2014
භාවනා කරන්නේ කෙසේ ද?
භාවනා කරන්නා ගිහි හෝ වේවා පැවදි හෝ වේවා හැමට පළමු චතුපාරිශුද්ධි ශීලයෙන් සිල්වත් වන්න. විවේක ස්ථානයක් හා සුදුසු වේලාවක් ද සම්මත කැරැ ගන්න. සිතට හා කයට ද කරදර ඇතිවිය හැකි කුඩා වූ ද පළිබෝධයන් ගෙන් - අවහිරයන්ගෙන් නිදහස් වන්න. සිතත් කයත් ඇඳුමුත් පිරිසුදු කැර ගන්න.
පුරුෂ පක්‍ෂය නම් බද්ධපර්‍යංකයෙන් (- එරමිණියා ගොතා ගෙනැ) හිඳැ ගන්න. ස්ත්‍රී පක්‍ෂය නම් අර්‍ධපර්‍යංකයෙන් (- දෙ පය පස්සට දමා වාඩිවීමෙන්) හිඳැ ගන්න. උඩුකය කෙළින් තබා ගන්න. හිස වඩා ඔසවන්නේත් නැති වැ වඩා නමන්නේත් නැති වැ තබා ගන්න. ඇස් ඇරීම හෝ වසා ගැනීම හෝ තමන් හට පහසු පරිදි කරන්න.තුනුරුවන් සිහි කැරැ ගන්න. එදා සිද්ධාර්‍ථ තාපසයන් වහන්සේට බුදු වීමට උපකාර වූයේ මේ ආනාපාන සතියයි. “මා ද දැන් කරන්නට සූදානම් වන්නේ ඒ උසස් භාවනාව ය. මෙසේ කරන භාවනාවෙන් මේ ආසනයේ දී නැතහොත් මේ ජාතියෙහි දී මාර්‍ගඵල නො ලැබිය හැකි වුවොත් මේ භාවනාව කවර දිනයෙකැ හෝ මාර්‍ගඵල ලැබීමට උපකාර වේවා” යන බලවත් ප්‍රාර්‍ථනාව ඇති කැරැ ගන්න.දැන් බාහිර චින්තා නතර කරන්න. බාහිර අරමුණුවලින් සිත මුදා ගන්න. සිහිය කර්‍මස්ථානයට යොමු කොට තබන්න. දැන් කරන්නේ ආනාපානසති භාවනාව නිසා ආශ්වාස ප්‍රශ්වාසයන් ස්පර්‍ශ වන ස්ථානය දැනැ ගන්න. නාසයේ කෙළවර හෝ උඩුතොලේ මැද පියෙස හෝ යි බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි සිහිය පිහිටුවා ගන්න.
සිහියෙන් ආශ්වාස කරන්න, සිහියෙන් ප්‍රශ්වාස කරන්න. උවමනාවෙන් එක වරකුදු ආශ්වාස ප්‍රශ්වාස නො කරන්න. ස්වභාව වශයෙන් හුස්ම ඇතුළු වන විට හුස්ම ඇතුළු වෙනවා යන සිහියත්, හුස්ම පිට වන විට හුස්ම පිට වෙනවා යන සිහියත් පුරුදු කරන්න. එකේ සිට දහය දක්වා හුස්ම වාර ගණන් කිරීමෙන් පහසුවක් ඇතොත් එසේ කරන්න. මෙලෙසින් භාවනා කිරීම බොහෝ දිනක් පුරුදු කරන්න, සිතේ නොසංසුන්කම නිසා සිහියෙන් තොර වැ හුස්ම ඇතුළු විය හැකි ය, පිට විය හැකි ය. එයින් පසුබට නොවන්න. මිනිත්තු දහයක් ඇතුළත හැම ආශ්වාස ප්‍රශ්වාස වාරයක් මැ දනිමින් පවත්වන්නට පිළිවන් වුවොත් එය භාවනාවේ උසස් දියුණුවෙකි. එහෙත් එයින් සෑහීමකට පත් නො වන්න. අඩු මැ ගණනේ පැයක් වත් සිහියෙන් මැ ආශ්වාස ප්‍රශ්වාසයන් කරන්නට පිළිවන් වන තුරු දෙ වැනි අවස්ථාවට නොයන්න.
දීර්‍ඝ හ්‍රස්ව වශයෙන් ආශ්වාස ප්‍රශ්වාසයන් දැනැ ගැනීමට වෙහෙස නොවන්න. ආශ්වාස ප්‍රශ්වාසයන් බොහෝ වේලාවක් සිහියෙන් මැ පවත්වන්නට පිළිවන් වූ විට දිග කොට භේදය ඉබේට මැ වැටහෙනුවා ඇති. එවිට දිග හුස්මක් ඇතුළු වන විට දිග හුස්මක් ඇතුළු වෙනවා, කොට හුස්මක් ඇතුළුවන විට කොට හුස්මක් ඇතුළු වෙනවා ආදී වශයෙන් දිග කොට භේදය අනුවැ භාවනා කරන්න. එය ද දිගු කලක් කරන්න. දිග කොට භේදය හොඳට මැ පැහැදිලි වන තුරු එලෙසින් භාවනා කරන්න.දීර්‍ඝ හ්‍රස්ව වශයෙන් ආශ්වාස ප්‍රශ්වාසයන් ගේ පැවැත්ම බොහෝ කාලයක් පුරුදු පුහුණු කරන විට සිහිය දියුණු වීම නිසාත් සිත සමාහිත වීම නිසා සියලු ආශ්වාස ප්‍රශ්වාස කායයන් මැ වැටහෙන්නට වෙයි. එවිට එලෙසින් භාවනා කිරීමට පුහුණු වන්න. හුස්ම ඇතුළු වන විට තත්පර ගණනක් මැ නාසයෙහි කෙළවර හෝ උඩුතොලෙහි හැපී ගෙනැ ඇතුළුවෙනවා දැනෙන්නට පිළිවන, එලෙසින් සියලු ආශ්වාස ප්‍රශ්වාසකායයන් දනිමින් ආශ්වාස ප්‍රශ්වාසයන් පවත්වන්නට උත්සාහ දරන්න.අනෙක් කර්‍මස්ථානයක් වඩත් වඩත් මැ අරමුණ වඩ වඩාත් විභූත - ප්‍රකට වෙයි. ආනාපාන සතිය වඩත් වඩත් මැ අරමුණ ක්‍රමයෙන් සියුම් වෙයි. ඒ අතරැ මැ ආශ්වාස ප්‍රශ්වාසයන් සංසිඳැවීමේ අදහස් ද බලවත් වෙයි. මෙසේ භාවනා කරත් කරත් මැ ආශ්වාස ප්‍රශ්වාසයන් ඇතැයි නැතැයි කිවයුතු තරමට සියුම් වෙනුවා ඇත. ආශ්වාස ප්‍රශ්වාසයන් නැතැයි සිතා කලබල නොවන්න. තමාගේ වාඩිය වත් වෙනස් නොකරන්න. පෙරැ සේ මැ හුස්ම හැපෙන තැන සිහිය රඳවා ගෙනැ භාවනා කරන්න.
ආශ්වාස ප්‍රශ්වාසයන් නො වැටහෙන්නට වූ විට සංසුන් වැ හිඳැ ගෙනැ මෙසේ සිතන්න. ආශ්වාස ප්‍රශ්වාසයන් නැත්තේ කාට ද? මනුෂ්‍යයන් අතරැ දියේ ගිලුණවුනට ද මළවුනට ද චතුර්‍ථධ්‍යානයට සමවැදුණවුනට ද නිරෝධසමාපත්තියට සමවැදුණවුනට ද ආශ්වාස ප්‍රශ්වාස නැත. ඉතින් මම දියේ ගිලුණෙක් ද නො වෙමි. මළ කෙනෙක් ද නො වෙමි. චතුර්‍ථධ්‍යානයට හෝ නිරෝධසමාපත්තියට සමවැදුණෙක් ද නො වෙමි. එහෙයින් ආශ්වාස ප්‍රශ්වාසය නැත්තේ නො වේ. ඇත්තේ මැ ය. සියුම් නිසා නො වැටහේ ය, මෙසේ සිතා සංසුන් වැ හුස්ම හැපෙන තැන මැ සිහිය එළවා තබා භාවනා කරන විට ඉතා සියුම් වූ ආශ්වාස ප්‍රශ්වාසයන් වැටහෙන්නට පටන් ගනී.ඉතා සියුම් වූ ද ආශ්වාස ප්‍රශ්වාසයන් දනිමින් භාවනා කරන්න. මේ යෝගාවචරයා විසින් අතිශයින් සතුටු විය යුතු අවස්ථාවයි, ධ්‍යානයක් ලැබීමට තරම් ආසන්න ය. දැන් සමාධි නිමිති පහළ වන අවස්ථාව යි. එහෙත් නිමිති ගැන මඳකුදු නොසිතන්න. ආනාපාන අරමුණ මැ ගෙනැ භාවනා කරන්න.දැන් යෝගාවචරයාගේ සිතත් කයත් ඉතා සංසුන් ය, ඉතා සැහැල්ලු ය, ප්‍රීති වන්න, ප්‍රීති වන්න, මෙසේ භාවනා කරත් කරත් මැ මුව පියසෙහි පුළුන් රොදක් මුතු ගුලියක් දුම් සිළක් වැනි යමක් වැටහෙනුවා ඇත. වඩ වඩාත් ප්‍රීති වන්න. එහෙත් ප්‍රීතියෙන් කලබල නොවන්න. ප්‍රීතිය නිසා හෝ කලබල වුවොත් නිමිත්ත අතුරුදන් වෙනුවා ඇත. නිමිත්ත හොඳින් රැක ගන්න.
මෙතෙක් කල් අරමුණු කැරැ ගෙනැ සිටි ආනාපානය තාවකාලික වැ අත්හැර අලුතෙන් ලැබුණ නිමිත්ත සිතට අරමුණු කැරැ ගන්න. ඒ අරමුණ මැ ගෙනැ භාවනා කරන්න. බොහෝ වේලාවක් බොහෝ දිනක් භාවනා කරන්න. සමහර විට ඒ නිමිත්ත අරමුණු කොට ද මාස ගණනක් භාවනා කරන්නට සිදුවෙනුවා ඇත. තමනට ලැබුණු නිමිත්ත යම් කිසි ලෙසකින් අතුරුදන් වුවොත් නැවැතත් ආනාපානය මැ අරමුණු කැරැ ගෙනැ භාවනා කරන්න.තමනට ලැබුණු නිමිත්ත අරමුණු කැරැ ගෙනැ තව තවත් භාවනා කරන්න. එසේ කරන භාවනාව දියුණු වෙත් මැ ධ්‍යානයක් ලබන තරමට මැ සිත සමාහිත වෙනුවා ඇත. එයට උපචාර සමාධි යැයි කියනු ලැබේ. වඩ වඩාත් ප්‍රීති වන්න. තව තවත් භාවනා කරන්න. එසේ භාවනා කරත් කරත් මැ “විතක්ක විචාර පීති සුඛ එකග්ගතා” යන චිත්තාංගයන්ගෙන් යුක්ත ප්‍රථමධ්‍යාන චිත්තය පහළ වෙනුවා ඇත. එයට අර්‍පණා සමාධි යැයි කියනු ලැබේ.
තමන් ලැබූ අර්‍පණා සමාධිය රැකැ ගන්න. සමාධිය ආරක්‍ෂා කැරැ ගැනීමට උපකාර වන පරිසරයක් ඇති ස්ථානයෙකැ මැ වාසය කරන්න. තැන්පත් සත්පුරුෂයන් මැ ආශ්‍රය කරන්න. උසස් ගුණයන් හා සම කැරැ බලන විට ප්‍රථම ධ්‍යානය ඉතා සුළු ගුණයෙකි. ඒ නිසා එයින් සෑහීමකට පත් නොවන්න. නැවතත් පළමු පරිදි මැ භාවනා කරන්න. එසේ භාවනා කරත් කරත් මැ ද්විතීයධ්‍යාන - තෘතීයධ්‍යාන - චතුර්‍ථධ්‍යානචිත්තයන් පහළ වෙනුවා ඇත.මෙතෙක් කල් සමථ වශයෙන් කළ භාවනාව දැන් විදර්‍ශනාවනට හරවන්න. විදර්‍ශනාවට හැරවීම දෙයාකාරයෙකින් කළ හැකි ය. අරූපමුඛයෙන් විදර්‍ශනා වඩන්නකු නම් පළමු වැ ධ්‍යාන චිත්තයෙහි තිබෙන චිත්තාංග - චෛතසික වෙන් කැර බලන්න. ඒ චෛතසික යෙදුණු චිත්තය ගැන සලකා බලන්න. මේ චිත්ත චෛතසිකයෝ අරමුණ කරා නැමෙනුයෙන් නාමයෝ ය. මේ චිත්තය කවරක් ආශ්‍රය කොට පවත්නේ ද? හෘදයවස්තු රූපයයි, සෙසු රූප ද ඒ සමග වෙයි. විකාරයට විනාශයට පැමිණෙන හෙයින් රූප නම් වෙයි. මෙසේ නාමරූප ධර්‍මයන් වෙන් කොට බලන්න.
රූපමුඛයෙන් විදර්‍ශනා වඩන්නකු නම් කඹුරුහමේ උපමාව අනුවැ නාමරූපයන් වෙන් කොට බලන්න. කඹුරුහමේ ලනුව අදිනා කල්හි හම ද පුරුෂෝත්සාහය ද නිසා සුළං ඇතුළු වීම පිට වීම සිදු වන්නාක් මෙන් කය හා සිත ද නිසා ආශ්වාස ප්‍රශ්වාස පවත්නේ යයි දැනැ ගන්න. කය හා ආශ්වාස ප්‍රශ්වාසයන් රූපයයි ද සිත හා තත්සම්ප්‍රයුක්ත ධර්‍ම නාම යයි ද නාමරූප ධර්‍මයන් ව්‍යවස්ථා කොට බලන්න. මේ නාමරූප ධර්‍මයෝ මැ ලොවැ පවත්නාහ. මේ ධර්‍මයෝ සත්ත්වයෝ නො වෙති, ප්‍රද්ගලයෝ නො වෙති. ආත්ම නො වෙති. මේ නාමරූප ධර්‍මයනට මැ සත්ත්ව පුද්ගල ව්‍යවහාරය කෙරෙති, ළදරු තරුණ මහලු ආදී ව්‍යවහාරය කෙරෙති. නාමය රූපයටත් රූපය නාමයටත් උපකාර ය. ඔවුනොවුන්ගේ උපකාරයෙන් නාමරූප ධර්‍මයන් මැ පවතිනුවා විනා ඇත්ත වශයෙන් සත්ත්වයෙක් පුද්ගලයෙක් නැත. මෙසේ නාමරූප ධර්‍මයන්ගේ ඇතිතතු නුවණින් සලකා බලන්න. මෙසේ සලකා බැලීමෙන් දෘෂ්ටි විශුද්ධිය ඇතිවෙයි.
මෙසේ නාමරූප ධර්‍මයන් ව්‍යවස්ථා කොට ඒ නාමරූප ධර්‍මයන්ගේ ප්‍රත්‍යය සොයන්න. අතීත භවයෙහි වූ අවිද්‍යා සංස්කාර තෘෂ්ණා උපාදාන භවයන් නිසා මේ භවයෙහි විඥාන නාමරූප ෂඩායතන ස්පර්ශ වේදනාත් නැවතත් මේ භාවයෙහි අවිද්‍යා සංස්කාර තෘෂ්ණා උපාදාන භව යන මොවුන් නිසා අනාගත භවයෙහි විඥාන නාමරූප ෂඩායතන ස්පර්‍ශ වේදනා යන මොවුහුත් පහළ වෙති. මෙසේ නාමරූප ධර්‍මයන් හේතුඵල වශයෙන් සලකා බලන්න. එයින් මාර්‍ගඥානය ලබා ගැනීමට බලවත් බාධාවක් වන සැකය දුරු වෙයි. එසේ මැ මේ ලෝකයෙහි හේතුඵල ධර්‍ම සමූහය විනා සත්ත්ව පුද්ගල ආත්ම වශයෙන් ගත හැකි කිසිවක් නැතැයි නාමරූප ධර්‍මයන් පිළිබඳ නිසැක අවබෝධයක් ඇතිවෙයි. මෙසේ නාමරූපයන්ගේ ඇති තතු අවබෝධ වෙත් මැ කංඛාවිතරණ විසුද්ධිය ඇති වේ.
නාමරූප ධර්‍මයන් තතු ලෙස දනිමින් විදර්‍ශනා භාවනා කරන විට මීට පෙරැ නොවූ විරූ ආලෝකයක් බලවත් ප්‍රීතියක් ඇතිවිය හැකි ය. සමහරු එබඳු නිමිතිවලට මුළා වී ලෝකෝත්තර මාර්‍ගඵල ලැබුණා යයි සිතයි. එසේ මුළා වුවොත් මාර්‍ගඵල වළකී. ඒ නිසා ඒවා උපක්ලේශයන් ලෙස සලකා අමතක කරන්න. ලෝකෝත්තර මාර්‍ගය කුමක් දැයි හොඳින් දැනැ ගන්න. නාමරූප ධර්‍මයන් අනිත්‍ය වශයෙන් දුඃඛ වශයෙන් අනාත්ම වශයෙන් සලකා බලන්න. නැවැත නාමය ද වෙන් වෙන් කොට එකක් පාසා අනිත්‍ය දුඃඛ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න. රූපය ද එසේ මැ වෙන් වශයෙන් මෙනෙහි කරන්න. එයින් මග්ගාමග්ගඤාණදස්සන විසුද්ධිය ඇති වේ.දැන් ඉතින් අතිශයින් සතුටු වන්න. පාරමී සම්පූර්‍ණ වැ ඇතොත් මාර්‍ගඵල ලබන්නට ඉතා ආසන්න ය. දැන් ඉතිරි වැ ඇත්තේ නව මහාවිදර්‍ශනඥානයන් ලබා ගැනීම පමණ ය. අනිත්‍ය දුඃඛ අනාත්ම ලක්‍ෂණයන් තව තවත් පැහැදිලි වැ වැටහෙන සේ මෙනෙහි කරන්න, ත්‍රිලක්‍ෂණයන් මැනැවින් වැටහීමට උපකාර වන පරිදි සංස්කාරයන්ගේ උදයව්‍යය මෙනෙහි කරන්න. රූපස්කන්ධය, වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංස්කාර ස්කන්ධය, විඥාන ස්කන්ධය ඉපිදැ සිඳෙන්නේ ය. රූපස්කන්ධය අනිත්‍ය ය, දුක්ඛ ය, අනාත්ම යයි මෙනෙහි කරන්න. වේදනා සංඥා සංස්කාර විඥාන යන ස්කන්ධයෝ ද අනිත්‍ය ය, දුක්ඛ ය, අනාත්ම යයි මෙනෙහි කරන්න.
නැවැත සංස්කාරයන්ගේ භංගය - විනාශය මෙනෙහි කරන්න. රූපස්කන්ධය නිතර නිතර මැ බිඳෙන්නේ ය. සිඳෙන්නේ ය. වේදනා සංඥා සංස්කාර විඥාන යන ස්කන්ධයෝ ද නිතර මැ බිඳෙන්නාහ, සිඳෙන්නා හ. රූපස්කන්ධය අනිත්‍ය ය, දුඃඛ ය, අනාත්ම යයි මෙනෙහි කරන්න. වේදනා සංඥා සංස්කාර විඥාන යන ස්කන්ධයෝ ද අනිත්‍ය ය, දුක්ඛ ය, අනාත්ම යයි මෙනෙහි කරන්න. මේ ලෝකයෙහි බිඳෙන ස්වභාවය ඇති සංස්කාර ගොඩක් හැරැ සත්ත්වයෙක් පුද්ගලයෙක් නැත. සියලු සංස්කාරයෝ අනිත්‍ය ය, දුඃඛ ය, අනාත්ම යයි මෙනෙහි කරන්න.
මෙසේ භාවනා කරත් කරත් මැ සංස්කාරයන් බියට කරුණු වශයෙන් වැටහෙන්නට පිළිවන. එය ද සංස්කාරයන්ගේ තත්ත්වාවබෝධයෙන් ඇති වන විදර්‍ශනා ඥානයෙකි. මේ ලෝකයෙහි සත්ත්වයෙක් පුද්ගලයෙක් නැත. ඇත්තේ සංස්කාර ගොඩක් පමණ ය. ඒ සංස්කාර ගොඩ ම සිඳෙන්නාහ, බිඳෙන්නාහ. අහෝ! සංස්කාරයන්ගේ භයානකකම ආදී වශයෙන් මෙනෙහි කරන්න. සියලු සංස්කාරයෝ අනිත්‍ය ය, දුඃඛ ය, අනාත්ම යයි මෙනෙහි කරන්න.
මෙසේ භාවනා කරත් කරත් මැ සංස්කාරයන් බොහෝ දෝෂ සහිත යයි වැටහෙනුවා ඇත. සංස්කාරයන්ගේ දෝෂ දකිමින් භාවනා කරන්න. එයින් සංස්කාරයන් පිළිබඳ ලොකු කලකිරීමක් ඇති වෙනුවා ඇත. ඒ නිසා සංස්කාරයන්ගෙන් මිදීමේ අදහස බලපවත්වන්නට පටන් ගනියි. අනතුරු වැ සංස්කාරයන්ගෙන් මිදීමට ක්‍රියා කළ යුතු ය. සක්කාය දිට්ඨි ආදී කෙලෙස් බැමි තිබෙන තුරු සංස්කාරයන්ගෙන් මිදීමක් නො වෙයි. ක්ලේශයන් උපදිනුයේත් නැවත නැවතත් මතු වනුයේත් සංස්කාරයන් නිත්‍ය සුඛ සුභ ආත්ම වශයෙන් සලකා බලන විට ය. ඒ නිසා නිතර මැ සංස්කාරයන් අනිත්‍ය දුඃඛ අශුභ අනාත්ම වශයෙන් මෙනෙහි කරන්න.සංස්කාරයන් අනිත්‍ය දුඃඛ අනාත්ම වශයෙන් හොඳින් වැටහෙතොත් අතිශයින් සතුටුවන්න. දැන් සියලු සංස්කාරයන් ශූන්‍යතා වශයෙන් මෙනෙහි කිරීමට පුරුදු වන්න. යමක් අනිත්‍ය නම් එය දුක් ය, යමක් දුක් නම් එය අනාත්ම ය. යමක් අනිත්‍ය දුඃඛ අනාත්ම නම් එය ශූන්‍ය ය, හිස් ය, රූපය පෙණ පිඬක් බඳු ය. වේදනාව දිය බුබුළක් බඳු ය, සංඥාව මිරිඟුවක් බඳු ය, සංස්කාරය කෙහෙල් කඳක් බඳු ය, විඥානය මායාවක් බඳු යයි නිතර නිතර මැ මෙනෙහි කරන්න.
දැන් නිර්‍වාණාවබෝධයට ඉතා ආසන්න ය. සංස්කාරයන්ගේ අනිත්‍ය දුඃඛ අනාත්ම භාවයන් තත්ත්වාකාරයෙන් වැටහෙත් මැ යෝගාවචරයාගේ සිත මාර්‍ගඥානදර්‍ශනයට මැ සුදුසු වෙයි. මේ ත්‍රිලක්‍ෂණයන්ගෙනුදු සමහරුනට අනිත්‍ය ලක්‍ෂණය, සමහරුනට දුඃඛ ලක්‍ෂණය, සමහරුනට අනාත්ම ලක්‍ෂණය මනා ව වැටහෙනුවා ඇත.
අනිච්චානුපස්සනාවෙනුත් නිර්‍වාණාවබෝධය කළ හැකි ය. දුක්ඛානුපස්සනාවෙනුත් අනත්තානුපස්සනාවෙනුත් නිර්‍වාණාවබෝධය කළ හැකි ය. ඒ නිසා මෙයින් තමනට ඉතා හොඳින් මැ වැටහෙන අනුපස්සනාව සිතට ගන්න. ඒ අනුව මැ භාවනා කරන්න. මෙසේ භාවනා කරත් කරත් මැ පාරමී ධර්‍මයන් සම්පූර්‍ණවී ඇතොත් ප්‍රථම ඥානදර්‍ශනය වන ස්‍රෝතාපත්ති මාර්‍ග ඥානය උපදනේ ය. අනතුරු වැ ස්‍රෝතාපත්ති ඵලචිත්තය පහළ වෙනුවා ඇත. නැවැතත් පෙරැ සේ ම භාවනා කරන විට සකෘදාගාමි මාර්‍ගචිත්තය හා ඵලචිත්තය ද, අනාගාමි මාර්‍ග චිත්තය හා ඵලචිත්තය ද අර්හත් මාර්‍ග චිත්තය හා ඵලචිත්තය ද පහළ වෙනුවා ඇත.
සප්ත විසුද්ධි
සීල විසුද්ධිය
“සීලවිසුද්ධි නාම සුපරිසුද්ධං පාතිමොක්ඛසංවරාදී චතුබ්බිධං සීලං” - සුපිරිසිදු ප්‍රාතිමෝක්‍ෂසංවරාදී සිවු වැදෑරුම් ශීලය ශීලවිශුද්ධි නම් වේ.
1. ප්‍රාතිමෝක්‍ෂ සංවර ශීලය - ශික්‍ෂාපද ශීලය යි.
2. ඉන්ද්‍රිය සංවර ශීලය - ඇස් කන් නාසාදී ඉන්ද්‍රියයන් ගේ මාර්‍ගයෙන් තමාගේ චිත්තසන්තානයෙහි රාගාදී ක්ලේශයන් පහළ වන්නට ඉඩ නො දී ඉන්ද්‍රියයන් සංවර කැරැ ගන්නා ශීලය යි.
3. ආජීව පාරිශුද්ධි ශීලය - ධාර්මිකාජීවය සඳහා පනවන ලද ශික්‍ෂාපදයන් නො ඉක්මවමින් ඉතා පිරිසිදු වැ ජීවත් වීමෙන් ඇතිවන සංවරය - හීලෑකම - තැන්පත් කම නම් වූ ශීලය ය.
4. ප්‍රත්‍යයසන්නිඃශ්‍රිත ශීලය - සිවුපස පරිභෝග කිරීමෙන් ලැබෙන ප්‍රයෝජනය නිසි ලෙස සිතා නිසි ලෙස යොදා ආහාර පානාදිය ගැනීමෙන් ඇතිවන සංවරය යි. ශීල විශුද්ධිය සම්පූර්‍ණ වීමට චතුපාරිශුද්ධි ශීලයෙන් සිල්වත් විය යුතු බව මෙයින් පැහැදිලි වෙයි. ගිහි අය වුව ද පඤ්ච ශීලයට වඩා උසස් ශීලයෙකින් හා ආජීවයෙකින් යුක්තවිය යුතු ය. භාවනානට බලවත් කැමැත්තක් ඇති ගිහියනට වුව ද එක්තරා ප්‍රමාණයෙකින් හෝ චතුපාරිශුද්ධි ශීලයෙන් සිල්වත්වීම අපහසු නොවනුවා ඇත. අන්තිම ජාතියෙහි වූ කෙනකු හැරැ පඤ්චශීල මාත්‍රයකුදු නැති සාමාන්‍ය අය භාවනාවට කියා ගොස් උසස් ප්‍රතිඵල ලබනුවා යයි කීම නුවණැතියන්ගේ පුදුමයට හේතුවක් වී තිබෙන්නේ මේ නිසා ය. ශීලවිශුද්ධියක් නැත්තකුට චිත්ත විශුද්ධියක් නො ලැබිය හැකි බව රථවිනීත උපමාවෙන් පැහැදිලි ය.
චිත්ත විශුද්ධිය
“චිත්තවිසුද්ධි නාම සඋපචාරා අට්ඨසමාපත්තියො” - උපචාර සහිත අට්ඨසමාපත්තීහු චිත්තවිශුද්ධි නම් වෙති.උපචාර සමාධි යැ, අර්‍පණා සමාධි යැයි සමාධීහු දෙ වැදෑරුම් වෙති. උපචාර සමාධිය නම් අර්‍පණා සමාධියට පෙරැ පහළ වන කාමාවචර සමාධිය යි. අර්‍පණා සමාධිය නම් ප්‍රථම - ද්විතීය - තෘතීය - චතුර්‍ථ යන රූපාවචර ධ්‍යාන සතර හා ආකාසානඤ්චායතන යැ, විඤ්ඤාණඤ්චායතන යැ, ආකිඤ්චඤ්ඤායතන යැ, නේවසඤ්ඤානාසඤ්ඤායතන යැ යන අරූපාවචර ධ්‍යාන සතර දැයි කියැවෙන අෂ්ටසමාපත්තීහු ය.
චිත්ත විශුද්ධිය සම්පූර්‍ණ වීමට අර්‍පණා සමාධියක් තිබිය යුතු ය. යම්තමින් හෝ චිත්ත විශුද්ධියක් ඇති වීමට අඩු මැ ගණනේ උපචාර සමාධියක් වත් තිබිය යුතු ය. උපචාර සමාධි මාත්‍රයක් හෝ ලැබීම එතරම් පහසු ක්‍රියාවක් නො වෙයි. අන්තිම ජාතියෙහි වූ කෙනෙකු හැරැ සාමාන්‍ය අයට නම් චිත්තවිශුද්ධියක් ලබා ගැනීමට ශීලවිශුද්ධියෙහි පිහිටා බොහෝ කාලයක් සමථ භාවනා කළ යුතු වෙයි. රහත් වන්නට පිනැතියවුනට පවා අවුරුදු ගණන් ගෙවාත් මඟපල තබා උපචාර සමාධියක් වත් ලබා ගැනීම දුෂ්කර වූ බව සමහර කථාවස්තුවලින් පෙනෙයි. කිසිදු තැන්පත් කමක් සංවරයක් නැති අය ද භාවනාවට ගොස් දවසෙන් දෙකෙන් දින කීපයෙන් සමාධි වෙනුවා යයි කීම නැණැතියන්ගේ හාස්‍යයට හේතු වී තිබෙන්නේ මේ නිසා ය. චිත්තවිශුද්ධියක් නැත්තකුට දෘෂ්ටි විශුද්ධියක් ලබා ගත නො හැකි වේ.
දිට්ඨිවිසුද්ධිය
“නාමරූපානං යාථාවදස්සනං දිට්ඨිවිසුද්ධි නාම” - නාමරූපයන් ඇති සැටියෙන් දැනීම, පිරිසිඳැ දැනීම දිට්ඨි විසුද්ධි නම් වේ.
සීලවිශුද්ධියෙන් හෙවත් තමාට අයත් උසස් ශීලයෙන් සිල්වත් වැ, චිත්ත විශුද්ධියෙන් හෙවත් සමථ භාවනාවෙකින් සමාහිත වැ සිටින යෝගාවචරයාගේ භාවනාව විදර්‍ශනාවට හරවන්නේ මේ දිට්ඨිවිසුද්ධියෙනි. තමා ලැබූ සමාධිය අනුවැ විදර්‍ශනාවට හැරවීම දෙයාකාරයෙකින් කළ හැකි වේ. එනම්: අරූපමුඛ රූපමුඛ යනු යි. චිත්තවිශුද්ධියෙහි දී තමා ලබා ගත් ධ්‍යානචිත්තයෙහි ධ්‍යානාංග සම්මර්‍ශනය කොට විදර්‍ශනාවට හරවන මාර්‍ගය අරූපමුඛ නම් වෙයි. ලබා ගත් ධ්‍යානචිත්තය පාදක නො කොට කෙළින් මැ ආශ්වාස ප්‍රශ්වාසකාය මැ ගෙනැ නාමරූප වශයෙන් වෙන් කොට බලා විදර්‍ශනාවට හරවන මාර්‍ගය රූපමුඛ නම් වේ.
තව ද ආශ්වාස ප්‍රශ්වාසකාර්මිකයා යැ, ධ්‍යානකාර්මිකයා යැයි විදර්‍ශනාවට හරවන ආකාර වශයෙන් යෝගීහු දෙදෙනෙක් වෙතියි සතිපට්ඨාන සූත්‍ර අටුවාවෙහි දක්වා තිබේ. ආශ්වාස ප්‍රශ්වාසයන්ගේ වශයෙන් හික්මෙන්නා වූ ඔහුට වනාහි ආශ්වාස ප්‍රශ්වාස නිමිත්තෙහි සතර ධ්‍යානයෝ උපදිත්, හෙතෙම ධ්‍යානයෙන් නැගී සිට ආශ්වාස ප්‍රශ්වාසයන් හෝ ධ්‍යානාංගයන් හෝ පරිග්‍රහණය කෙරෙයි. ඔවුන් දෙදෙනා අතුරෙන් ආශ්වාස ප්‍රශ්වාසකාර්මික තෙම, ආශ්වාස ප්‍රශ්වාසයෝ කුමක් ඇසුරු කළහු ද? හදවත ඇසුරු කළාහු යැ, හදවත නම් කරජකාය යැ, කරජකාය නම් සතර මහාභූතයන් හා උපාදායරූප දැයි මෙසේ රූප පරිග්‍රහණය කෙරෙයි. අනතුරුව ඒ ආශ්වාස ප්‍රශ්වාසාරම්මණයෙහි ඵස්සපඤ්චමක ධර්‍මයන් නාමයයි. (නාමය පරිග්‍රහණය කෙරෙයි) මෙසේ නාම රූප පරිග්‍රහණය කොට ඒ නාමරූපයාගේ ප්‍රත්‍යය සොයන්නේ අවිද්‍යාදී වූ ප්‍රතීත්‍යසමුත්පාදය දැකැ ඒ නාමරූපය ප්‍රත්‍යය ප්‍රත්‍යයෝත්පන්නධර්‍මමාත්‍රයක් මැ යි. අන්‍ය වූ සත්ත්වයෙක් හෝ පුද්ගලයෙක් නැතැයි තරණය කළ සැක ඇත්තේ ප්‍රත්‍යය සහිත නාම රූපයෙහි (අනිත්‍යාදී) ත්‍රිලක්ෂණයට නඟා විදර්‍ශනා වඩන්නේ (මාර්‍ගඵල) පිළිවෙළින් රහත් බවට පැමිණෙයි. මේ එක් භික්‍ෂු කෙනකුගේ රහත් බව තෙක් නිර්‍වාණ මාර්‍ගය යි. (ධ්‍යානාංගයන් මෙනෙහි කරන) ධ්‍යානකාර්මික තෙමේ ද මේ ධ්‍යානාංගයෝ කුමක් ඇසුරු කළාහු ද? හදවත ඇසුරු කළාහු යැ, හදවත නම් කරජකාය යැ, ධ්‍යානාංගයෝ නාමය යැ, කරජකාය රූපයැ යි නාමරූප නිශ්චය කොට ඒ නාමරූපයාගේ ප්‍රත්‍යය සොයන්නේ අවිද්‍යාදී වූ ප්‍රත්‍යයාකාරය දැක මේ නාමය හා රූපය ප්‍රත්‍යය ප්‍රත්‍යයෝත්පන්න ධර්‍මමාත්‍රයෙක් මැ යැ, අන්‍ය වූ සත්ත්වයෙක් හෝ පුද්ගලයෙක් හෝ නැතැයි වෙසෙසින් දුරුකළ (සොළොස් වැදෑරුම්) සැක ඇත්තෝ ප්‍රත්‍යය සහිත වූ නාමරූපයෙහි ත්‍රිලක්‍ෂණයට නඟා විදර්‍ශනා වඩන්නේ අනුක්‍රමයෙන් අර්‍හත්වයට පැමිණෙයි. මේ එක් භික්‍ෂු කෙනකුගේ අර්‍හත්වය තෙක් නිර්‍වාණමාර්‍ගය යි.
- ප්‍රපඤ්චදීපිකාමෙහි ආශ්වාස ප්‍රශ්වාසකාර්මිකයා නම් මුලින් සඳහන් කළ රූපමුඛයෙන් විදර්‍ශනා වඩන්නා ය, ධ්‍යානකාර්මිකයා නම් අරූප මුඛයෙන් විදර්‍ශනා වඩන්නා ය.
මෙසේ අරූප මුඛයෙන් විදර්‍ශනා වඩන්නකු නම් තමා ලැබූ ධ්‍යානයෙහි විතර්‍කාදී අංග හා තත්සම්ප්‍රයුක්ත ධර්‍මයන් ද ලක්‍ෂණාදී වශයෙන් වෙන් කොට බැලිය යුතු ය. එසේ බලත් මැ ඒ සියල්ල අරමුණට යොමු කොට නැමෙනුයෙන් නාමධර්‍මයන් යයි වැටහෙනුවා ඇත. අනතුරු වැ මේ නාමධර්‍මයන් කුමක් ඇසුරු කොට පවත්නේ දැයි විමසා බැලිය යුතු ය. එසේ විමසත් මැ නාමධර්‍මයන් පවත්නේ හෘදය රූපය ඇසුරු කැරැ ගෙනැ යයි වැටහෙනුවා ඇත. අනතුරු වැ සෙසු රූපයන් ද පිරිසිඳැ දකියි. ඒ සියල්ල නැසෙන අර්ථයෙන් රූපයයි නුවණින් දැනැ ගනියි. මෙසේ නාමරූපයන්ගේ පිරිසිඳැ දැනීම ඇති වේ.
ආනාපානසති භාවනාවෙන් ලැබූ ධ්‍යානයන් පාදක නොකොට රූපමුඛයෙන් විදර්‍ශනා වඩන්නකු නම් ඒ ආනාපානය මැ මුල් කොට විදර්‍ශනාවට හැරැවිය යුතු ය. එයට කඹුරුහමේ උපමාව උපකාර කැරැ ගත යුතු ය. කම්මලේ තිබෙන කඹුරුහම ක්‍රියා කිරීමට කරුණු තුනක් එක් වී තිබේ. කඹුරුහමේ කටත් සිදුරත් කුහරයත් ලනුව අදිමින් උස් පහත් කරන්නාත් යන කරුණු තුන එක්වීමෙන් වරකට සුළං පිට වෙයි. වරකට සුළං ඇතුළු වෙයි. එමෙන් මැ ආනාපානය කැරෙන්නේ ශරීර කුහරයත් නාස්පුඩු දෙකත් හිතත් යන කරුණු එක්වීමෙනි. කයක් ඇතත් සිතක් නැතොත් ආනාපානයෙක් නැත. එහෙයින් සිත ප්‍රධාන ය. ඒ සිත නම් කුමක් ද? නාම ධර්‍මයෙකි. එය හා සම්ප්‍රයුක්ත වූ චෛතසිකයෝ ද නාම ධර්‍මයෝ වෙති. මේ නාමධර්‍මයන් පවත්නේ කවරක් ඇසුරු කොට ද? හෘදය රූපය ඇසුරු කැරැ ගෙනැ ය. හෘදය රූපය ඇසුරු කොට සෙසු භූතරූපයන් හා උපාදාය රූපයෝ ද වෙති. මෙසේ ආනාපානය මැ ඇසුරු කැරැ ගෙනැ නාමරූප ධර්‍මයන්ගේ පිරිසිඳැ දැනීම ඇති වේ.නාමරූප ධර්‍මයන් පිරිසිඳැ දනිමින් භාවනා කරන්නා හට නාමරූප ධර්‍මයන් සත්ත්වයන් පුද්ගලයන් නොවන බවත් නාම රූප ධර්‍මයන්ගෙන් අන්‍ය වූ සත්ත්වයකු හෝ පුද්ගලයකු හෝ නැති බවත් හොඳින් මැ වැටහෙනුවා ඇත. ඒ සමඟ මැ සත්ත්ව සංඥාව, ආත්ම සංඥාව ද දුරු වෙනවා ඇත. එයින් මෙතෙක් පැවැති සත්ත්වයා යැ පුද්ගලයා යැ යන මිථ්‍යාදර්‍ශනය - වැරදි දැක්ම දුරු වෙයි. සත්ත්වයා පුද්ගලයා නම් ස්කන්ධ - ධාතු - ආයතන යන ධර්‍මමාත්‍රයක යන සම්‍යක් දර්‍ශනය - හරි දැක්ම පහළ වෙයි. දෘෂ්ටිය පිරිසුදු වෙයි.
දිට්ඨිවිසුද්ධිය ලබා ගැනීම සීලවිසුද්ධි චිත්තවිසුද්ධි දෙක ලබා ගැනීමට වඩා අතිශයින් දුෂ්කර ක්‍රියාවෙකි. දිට්ඨිවිසුද්ධිය සම්පූර්‍ණවීමට උසස් ධර්‍මඥානයක් තිබිය යුතු ය. අඩු මැ ගණනේ නාමරූප ධර්‍මයන් පිරිසිඳැ ඇති සැටියෙන් දැනැ ගන්නට තරම් වත් ධර්‍මඥානයක් තිබිය යුතු ම ය. නාමරූප ධර්‍මයන් පිරිසිඳැ දැනැ ගැනීමට තරම් වත් ධර්‍මඥානයක් නැති අය විදර්‍ශනා භාවනාවට යෑමත්, එබඳු අයට ඉක්මනට ප්‍රතිඵල ලැබෙනුවා යැයි කීමත්, විදර්‍ශනා භාවනා කරන විට සමාධි නිමිති පෙනෙනුවා යැයි පැවසීමත් නැණැතියන්ගේ සිනාවට කරුණු වී තිබෙන්නේ මේ නිසා ය. දිට්ඨිවිසුද්ධියක් නැත්තකුට කංඛාවිතරණවිසුද්ධිය ලබාගත නො හැකි වේ.
කඞ්ඛාවිතරණ විසුද්ධිය
“එතස්සෙව පන නාමරූපස්ස පච්චයපරිග්ගහෙන තීසු අද්ධාසු කඞ්ඛං විතරිත්වා ඨිතං ඤාණං කංඛාවිතරණවිසුද්ධි නාම” - මේ නාමරූපයන්ගේ මැ පහළ වීමට හා පැවැත්මට ද ප්‍රත්‍යය හෙවත් හේතු වූ කරුණු පිරිසිඳීමෙන් තුන්කල්හි පැවැති සැකය දුරු කැරැ සිටි ඥානය කංඛාවිතරණ විසුද්ධි නම් වේ.දක්ෂ වෛද්‍යවරයා රෝගයක් දැකැ එහි නිදානය සොයන්නා සේ විදර්‍ශනාවට බැසැගත් යෝගාවචරයා ද නාමරූප ධර්‍මයන්ගේ හේතු - ප්‍රත්‍යය සෙවීමෙහි යෙදිය යුතු ය. මේ නාම රූප නම් වූ පඤ්චස්කන්ධය සියලු තන්හි සෑම කල්හි මැ සියල්ලනට සම වැ නො පැමිණෙන හෙයින් අහේතුක නොවෙයි. ඊශ්වරාදී මැවුම් කරුවකු නැති හෙයින් ඊශ්වරාදී හේතුවකිනිදු හට නො ගැනේ. එහෙයින් මැ මේ නාමරූපයනට හේතුප්‍රත්‍යයන් ඇතැයි සලකා ඒ හේතු ප්‍රත්‍යයන් පරීක්‍ෂා කැරැ බැලිය යුතු ය.
ප්‍රතිසන්ධියෙහි දී අවිද්‍යා යැ, තෘෂ්ණා යැ, උපාදාන යැ, කර්‍ම යැ, යන මොවුහු නාමරූප ධර්‍මයන් උපදවන හේතූහු වෙති. ප්‍රවෘත්තියෙහි දී රූපය කර්‍ම යැ, චිත්ත යැ, සෘතු යැ, ආහාර යැ යන මොවුන්ගේ ප්‍රත්‍යයෙන් උපදනේ වෙයි. චක්‍ෂුඃප්‍රසාදය ද රූපාලම්බනය ද නිසා චක්ඛුවිඤ්ඤාණය උපදනේ වෙයි. මෙසේ ප්‍රත්‍යය වශයෙන් නාමරූපයන්ගේ පැවැත්ම දැකැ මේ නාමරූපයන් දැන් සේ මැ අතීතයෙහි ද හේතු - ප්‍රත්‍යයන් නිසා පැවැත්තේ ය. අනාගතයෙහි ද හේතු - ප්‍රත්‍යයන් නිසා මැ පවත්නේ යයි ද දකී.
මෙසේ බලන්නා වූ යෝගාවචරයාට අතීත ස්කන්ධ පඤ්චකය අරබයා, ‘මම අතීත කාලයෙහි සිටියෙම් ද, නො සිටියෙම් ද, කවරකු වැ සිටියෙම් ද, කෙබන්දකු වැ සිටියෙම් ද, කවරකු වැ සිට කෙබන්දෙක් වූයෙම් දැ’ යි පස් ආකාරයෙකින් කියන ලද සැකය ද, අනාගත ස්කන්ධ පඤ්චකය අරබයා ද, ‘මම අනාගත කාලයෙහි වන්නෙම් ද, නො වන්නෙම් ද, කවරෙක් වන්නෙම් ද, කෙබන්දෙක් වන්නෙම් ද, කවරෙකු වැ කෙබන්දෙක් වන්නෙම් දැ’ යි පස් ආකාරයෙකින් කියන ලද සැකය ද, වර්‍තමාන ස්කන්ධ පඤ්චකය අරබයා ද, මම වෙම් ද, නො වෙම් ද, කවරෙක් වෙම් ද, කෙසේ වෙම් ද, මේ සත්ත්ව තෙමේ කොහි සිට මෙහි ආවේ ද, නැවැත කොහි යන්නේ දැ’ යි සයාකාරයෙකින් කියන ලද සැකය දැයි කාලත්‍රයයට අයත් ස්කන්ධ පඤ්චකය පිළිබඳ සොළොස් ආකාර සැකය ප්‍රහීණ වේ.
තවද, පටිච්ච සමුප්පාදයෙහි සඳහන් වන පරිදි සත්ත්වයාගේ පැවැත්ම හා නැවැත්ම ද පිළිබඳ හේතුඵලයන් සලකා බැලිය යුතු ය.“අතීතෙ හෙතුවො පඤ්චඉදානි ඵලපඤ්චකංඉදානි හෙතුවො පඤ්චආයතිං ඵලපඤ්චකං”
සත්ත්වයාගේ පැවැත්ම නම් වූ භවචක්‍රයෙහි අතීත හේතු පසෙක් ද වර්‍තමාන ඵල පසෙක් ද වර්‍තමාන හේතු පසෙක් ද අනාගත ඵල පසෙක් දැයි හේතු පල විස්සෙක් වේ.මෙසේ සලකා බලත් මැ අතීත භවයෙන් මේ භවයට ද, මේ භවයෙන් පුනර්‍භවයට ද, කිසිදු ධර්‍මයෙක් සංක්‍රමණය නො වෙයි. එහෙත් අතීත භවයෙහි ස්කන්ධ ධාතු ආයතනයන්ගේ ප්‍රත්‍යයෙන් මේ භවයෙහි ස්කන්ධ ධාතු ආයතන ද, මේ භාවයෙහි ස්කන්ධ - ධාතු - ආයතනයන්ගේ ප්‍රත්‍යයෙන් පුනර්‍භවයෙහි ස්කන්ධ - ධාතු - ආයතනයෝ ද උපදින්නාහු වෙති යි හරි දැකීම පහළ වේ.
“නයිදං අත්තකතං බිම්බංනයිදං පරකතං අඝංහෙතුං පටිච්ච සම්භූතංහෙතුභඞ්ගා නිරුජ්ඣති.”
මේ ශරීරය තමා විසින් කැරැ ගන්නා ලද්දක් වත් අන්‍යයකු විසින් මවන ලද්දක් වත් නො වෙයි. හේතූන් නිසා හටගත්තකි. හේතූන්ගේ බිඳී යෑමෙන් මේ ශරීරය නිරෝධයට යේ.
කංඛාවිතරණ විශුද්ධිය සම්පූර්‍ණ විදර්‍ශක තෙමේ ලෞකික සීල සමාධි පඤ්ඤා සම්පත්තියෙන් යුක්ත හෙයින් මත්තෙහි මාර්‍ගඵලාධිගමය නො කෙළේ ද සුගතිගමන නොවරදවා මැ සිදු කෙරේ යයි කියනු ලැබේ. ඔහුට චුල්ලසෝතාපන්නයා යයි ද කියනු ලැබේ. කංඛාවිතරණවිශුද්ධිය නො ලැබූවකුට මග්ගාමග්ගඤාණදස්සන විශුද්ධිය නො ලැබිය හැකි වේ.
මග්ගාමග්ගඤාණදස්සන විශුද්ධිය
“අයං මග්ගො අයං න මග්ගොති එවං මග්ගං ච අමග්ගං ච ඤත්වා ඨිතං ඤාණං පන මග්ගාමග්ගඤාණදස්සනවිසුද්ධි නාම” - මේ මාර්‍ග යැ, මේ අමාර්‍ග යැයි මඟත් නොමඟත් පිරිසිඳැ දැනැ සිටි ඥානය මග්ගාමග්ගඤාණදස්සන විසුද්ධි නම් වේ.
මේ අවස්ථාවෙහි භාවනා කරන යෝගාවචරයා අමාර්‍ගය ආර්‍ය මාර්‍ග යයි වැරදි ලෙස වැටහෙනුවා ඇත. ඒ නිසා දශවිධ උපක්ලේශයන් දැනැ සිටීම ඉතා අවශ්‍ය ය.“ඔභාසො පීති පස්සදධි - අධිමොක්ඛො ච පග්ගහොසුඛං ඤාණමුපට්ඨාන - මුපෙක්ඛා ච නිකන්ති ච”ඔභාස යැ, පීති යැ, පස්සද්ධි යැ, අධිමොක්ඛ යැ, පග්ගහ යැ, සුඛ යැ, ඤාණ යැ, උපට්ඨාන යැ, උපෙක්ඛා යැ, නිකන්ති යැ යන මොවුහු දශවිධ විදර්‍ශනෝපක්ලේශයෝ වෙති.
1. ඔභාස - විදර්‍ශනා චිත්තයෙන් හටගත් එක්තරා - ශරීරාලෝකයෙකි. මේ ආලෝකය උපන් කල්හි සමහරු මාර්‍ගඵලයනට පැමිණියෙමි යි අමාර්‍ගය මාර්‍ගය ලෙස ගෙනැ එයින් මැ සෑහීමට පත්වී විදර්‍ශනාව ද අත්හරී. මෙය උපක්ලේශයක් බව දැනැ සිටින්නා ආලෝකයට නො රැවටී භාවනා කැරැනු ලැබේ.2. ඤාණ - නාමරූප ධර්‍මයන් විමසා බලන්නා වූ යෝගියා හට ඉතා තියුණු වූ විදර්‍ශනා ඥානය පහළ වෙයි. එය මාර්‍ග යයි ගත්තා හට නියම මාර්‍ගය වරදී. එහෙයින් එය ද උපක්ලේශයකි.3. පීති - විදර්‍ශනා වඩන්නා හට මුළු ශරීරය මැ පුරවමින් ප්‍රීතිය උපදී. සමහරු එය මාර්‍ග යයි ගෙනැ මුළාවට පත් වෙති. එහෙයින් එය ද උපක්ලේශයෙකි.4. පස්සද්ධි - විදර්‍ශනාවෙන් ඇතිවන කායචිත්තයන්ගේ සංසුන් බවයි, සැහැල්ලු බවයි. එය ද උපක්ලේශයකි.5. සුඛ - විදර්‍ශනා වඩන්නා හට මුළු සිරුර පිණවමින් මීට පෙරැ නොවූ විරූ සුඛයක් උපදී. එය මාර්‍ග යයි ගත හොත් නියම මාර්‍ගය වළකින හෙයින් උපක්ලේශයෙකි.6. අධිමොක්ඛ - බලවත් ශ්‍රද්ධාව යි. විදර්‍ශනා යෝගී හට චිත්ත චෛතසිකයන් අතිශයින් ප්‍රසන්න භාවයට පමුණුවන බලවත් ශ්‍රද්ධාව උපදී. එය ද නියම මාර්‍ගය මුවා කරන හෙයින් උපක්ලේශයෙකි.7. පග්ගහ - වීර්‍යය යි. විදර්‍ශනාව දියුණු වෙත් මැ ළිහිල් නො වූ දැඩි ද නො වූ වීර්‍යය උපදී. එය ද උපක්ලේශයෙකි.8. උපට්ඨාන - සිහිය යි. විදර්‍ශනා කරන්නා හට මනා වැ එළඹ සිටි සිහිය උපදී. ඉතා පැරණි කරුණු පවා සිහියට එයි. මේ විශේෂ ලක්‍ෂණය නිසා මාර්‍ගය ලදිමි යි මුළාවට පත් වෙයි. එහෙයින් එය ද උපක්ලේශයෙකි.9. උපෙක්ඛා - විදර්‍ශනා යෝගීනට නාමරූප ධර්‍මයන් උදයව්‍යය වශයෙන් මනා වැ පරීක්‍ෂා කිරීමෙන් ඒ පිළිබඳ මධ්‍යස්ථාකාරයෙන් පවත්නා විදර්‍ශනා උපෙක්‍ෂාව උපදී. එය ද මාර්‍ග යයි වරදවා ගන්නා හෙයින් උපක්ලේශයෙකි.10. නිකන්ති - ඉතා සියුම් තෘෂ්ණාව යි. “මින් පෙරැ මට ආලෝකයක් පහළ නො වී ය”. මම ආර්‍යමාර්‍ගයට පැමිණියෙමි යි එහි ආලය කෙරෙමින් පහළ වන සියුම් තෘෂ්ණාවයි. එය ද උපක්ලේශයෙකි.මග්ගාමග්ගඤාණදස්සන විසුද්ධිය ලබනු කැමැති යෝගාවචරයා අතීතාදී නොයෙක් කොටස් වශයෙන් කැඩුණු සියලු සංස්කාර ධර්‍මයන් කලාප වශයෙන් මෙනෙහි කළ යුතු ය.අතීත - අනාගත - පච්චුප්පන්න වූ හෝ අධ්‍යාත්මක බාහිර වූ හෝ ඕළාරික සුඛුම වූ හෝ හීන ප්‍රණීත වූ හෝ දූර සමීප වූ හෝ යම් රූපයක් වේ නම් ඒ සියලු රූප අනිත්‍ය වශයෙන් ව්‍යවස්ථා කෙරේ. දුඃඛ වශයෙන් ව්‍යවස්ථා කෙරේ, අනාත්ම වශයෙන් ව්‍යවස්ථා කෙරේ. මේ ද සම්මර්‍ශනය කරන පිළිවෙළකි. වේදනාදී අනෙක් ස්කන්ධයන් පිළිබඳ වැ ද එසේ මැ ය.
තව ද රූපය ක්‍ෂය වන අර්‍ථයෙන් අනිත්‍ය යැ, භය වන අර්ථයෙන් දුක් යැ, අසාර වන අර්ථයෙන් අනාත්ම යැ යි ද සම්මර්‍ශනය කළ යුතු ය.
මෙසේ භාවනා කරත් මැ විදර්‍ශනා ඥානය දියුණු වෙයි. ඔහුට මාර්‍ගය කුමක් ද අමාර්‍ගය කුමක් දැයි වැටහෙයි. ආලෝකාදියට මුළා නො වෙයි. මේ අවස්ථාවට පැමිණි යෝගියා දුඃඛ - සමුදය - මාර්‍ග යන සත්‍ය තුන ලෞකික ඥානයෙන් මනා වැ දැනැ ගැනීමට තරම් දියුණු වෙයි. මෙසේ මග්ගාමග්ගඤාණදස්සන විසුද්ධිය සම්පූර්‍ණ වන තුරු පටිපදාඤාණදස්සන විසුද්ධිය ලබා නො හැකි වේ.
පටිපදාඤාණදස්සන විසුද්ධිය
“අට්ඨන්නං පන ඤාණානං වසෙන සිඛප්පත්තා විපස්සනා නවමං ච සච්චානුලොමිකඤාණන්ති අයං පටිපදාඤාණදස්සන විසුද්ධි නාම” - අට වැදෑරුම් ඥානයන්ගේ වශයෙන් ශිඛාප්‍රාප්ත විදර්‍ශනාව ද නව වැනි සච්චානුලොමික ඥානය ද යන මේ නව මහාවිදර්‍ශනාඥානය පටිපදාඤාණ දස්සන විසුද්ධි නම් වේ.නව මහාවිදර්ශන ඥානයෝ1. උදයබ්බයානුපස්සනාඤාණය - ස්කන්ධාදීන්ගේ උදයව්‍යය - ඇතිවීම නැතිවීම පිරිසිඳැ දක්නා නුවණ යි.2. භංගානුපස්සනා ඤාණය - ස්කන්ධාදීන්ගේ භඞ්ගය විනාශය නැතිවීම පිරිසිඳැ දක්නා නුවණ යි.3. භයතුපට්ඨාන ඤාණය - සංස්කාරයන් භය වශයෙන් වැටහෙන්නා වූ නුවණ යි.4. ආදීනවානුදස්සන ඤාණය - සංස්කාරයන්ගේ දෝෂ දක්නා නුවණ ය.5. නිබ්බිදානුපස්සනා ඤාණය - සංස්කාරයන් හට කලකිරීම් වශයෙන් පහළ වන නුවණ යි.6. මුඤ්චිතුකම්‍යතා ඤාණය - සංස්කාරධර්ම නමැති සංස්කාරයෙන් මිදෙනු කැමති වීම වශයෙන් පහළ වන නුවනයි.7. පටිසංඛානුපස්සනා ඤාණය - සංස්කාරයන්ගේ අනිත්‍යාදී ලක්‍ෂණ විස්තර වශයෙන් දක්නා නුවණ යි.8. සංඛාරුපෙක්ඛා ඤාණය - සංස්කාරයන් මධ්‍යස්ථ වශයෙන් දක්නා නුවණ යි.9. සච්චානුලොම ඤාණය - මාර්‍ගචිත්තයනට අනුලෝම වූ නුවණ යි.මේ නව මහාවිදර්‍ශනඥානයන් පිළිවෙළින් පහළ වීමෙන් පටිපදාඤාණදස්සන විසුද්ධිය සම්පූර්‍ණ වේ.
ඤාණදස්සන විසුද්ධිය
“සොතාපත්ති මග්ගො සකදාගාමි මග්ගො අනාගාමි මග්ගො අරහත්ත මග්ගොති ඉමෙසු පන චතුසු මග්ගෙසු ඤාණං ඤාණදස්සනවිසුද්ධි නාම” - ස්‍රෝතාපත්ති මාර්‍ග යැ, සකෘදාගාමි මාර්‍ග යැ, අනාගාමි මාර්‍ග යැ, අර්‍හත් මාර්‍ග යැ යන සතර මාර්‍ගයන්හි වූ ඥානය ඤාණදස්සන විසුද්ධි නම් වේ.මෙහි දැක්වූයේ සප්ත විශුද්ධීන් පිළිබඳ ඉතා කෙටි හැඳින්වීමෙකි. මෙය විදර්‍ශනා භාවනාවට ප්‍රමාණවත් නො වේ. එහෙයින් විදර්‍ශනා භාවනා කරන්නවුන් විසින් සප්ත විශුද්ධීන් හොඳින් ඉගෙනැ අවබෝධ කැරැ ගත යුතු ය. පිළිවන් සෑම දෙනා මැ විශුද්ධි මාර්‍ගය හොඳින් ඉගෙනැ ගන්නේ මැනැවි. මේ සප්ත විශුද්ධීන් පිළිබඳ අවබොධයක් ඇති කැරැ ගැනීමට ආචාර්‍ය්‍ය රේරුකානේ චන්දවිමල මහා ස්ථවිරයන් වහන්සේ විසින් ලියන ලද “විදර්‍ශනා භාවනා ක්‍රමය” නමැති පොත ද කියවීම මැනැවි.
Wednesday, September 10, 2014
බුදුන් පුදන්නට සුදුසුම ක්‍රමය ප්‍රතිපත්ති පූජාවයි
බුදුන් පුදන්නට සුදුසුම ක්‍රමය ප්‍රතිපත්ති පූජාවයි
නාරම්පනාවේ ධම්මාලෝක හිමි
පහත දුම්බර අධිකරණ සංඝනායක, මැණික්හින්න ගණදෙවි කෝවිල පුරාණ විහාරාධිපති
පහත දුම්බර අධිකරණ සංඝනායක, මැණික්හින්න ගණදෙවි කෝවිල පුරාණ විහාරාධිපති
බොදුනු සිත් පහන් වන, ප්‍රතිපත්ති සහ ආමිස පූජාවන්ට මුල් තැන දෙමින් කටයුතු කරන සුබ වෙසඟක් උදා වී තිබෙන මේ කාලයේ දී අප ක්‍රියා කළ යුත්තේ කෙසේ ද? නිවැරදිව සම්බුදු තෙමඟුල සැමරිය යුත්තේ කුමන ආකාරයට ද? බොදුනුවකු ලෙස ධාර්මිකව කටයුතු කරමින් දිවි මඟ ගෙවිය යුතු වන්නේ කෙසේ ද? ආදි කරුණු පිළිබඳ පහත දුම්බර අධිකරණ සංඝනායක මැණික්හින්න ගණදෙවි කෝවිල පුරාණ විහාරාධිපති නාරම්පනාවේ ධම්මාලෝක හිමියන් සමඟ කළ කතාබහකි මේ.
l සකල ලෝකවාසි ජනතාවට අතිශයින්ම වැදගත් දිනයක් ලෙස වෙසක් දිනය හඳුන්වන්න පුළුවන්. මේ පිළිබඳ කතා කළොත්.
ලොවට සෙත සැලසූ බුදුරජාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම, පරිනිර්වාණය යන තෙමඟුල සිහි කරමින් බෞද්ධ ජනතාව බුදු උපහාර වශයෙන් වෙසක් සිරි පූජා කිරීම වෙසක් දිනයේ දී සිදු වන දෙයක්. බුදුරජාණන් වහන්සේ බෞද්ධයන්ට විතරක් අගය කරන්න පුළුවන් ඔවුන්ට පමණක් ආවේණික ශාස්තෘවරයෙක් නොවේ. උන් වහන්සේ තිලෝගුරු නමින් හඳුන්වන්නේ මෙන්න මේ නිසයි.
ලොව පහළ වූ මහා පුරුෂයින් අතරින් පළමුවැනියා තිලෝගුරු බුදුපියාණන් බව පෙර අපර දෙදිග සමාජ දාර්ශනිකයන්ගේ පිළිගැනීම යි. ලොව පහල වූ අසහාය ගුරුවරයා, අසහාය මාර්ගෝපදේශකයා, අසහාය සමාජ දාර්ශනිකයා, අසහාය සමාජ සේවකයා, මහා ප්‍රාඥයා, මහා නිර්මාපි චින්තකයා, මහා කාරුණිකව සමාජ සුබසාධනයට ඇපකැප වූ අසහාය විප්ලවවාදියා හැටියට උන්වහන්සේගේ උදාර චරිතය අගය කරන්න පුළුවන්. එය බෞද්ධ හා අබෞද්ධ කාටත් එක සේ කරන්න පුළුවන් දෙයක්.
බුදුරජාණන් වහන්සේ මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම යන තුන්ලෝ වාසී ප්‍රඥාවන්තයන්ට දේශනා කළ සද්ධර්මය ආගමක් නෙවෙයි, උන්වහන්සේ මේ ධර්මය හඳුන්වාදීමේ දී ආගම, බුද්ධාගම යන වදන් භාවිත කර නැහැ. බුද්ධ දේශිත ශ්‍රී සද්ධර්මය ලෝකයේ දේශිත සියලු ආගම්වලට වඩා වෙනස්. බෞද්ධ ජීවිතයේ පැවිදි දිවියේ පදනම, පිළිසරණ ආශීර්වාදය පරම ප්‍රතිෂ්ඨාව තිසරණය යි. අපරිමිත ලෝක සත්වයාගේ පරම ප්‍රතිෂ්ඨාව වන්නේ කවදා හෝ තෙරුවන් සරණ යමින් සසර කෙළවර කර ගෙන නිවන පසක් කර ගැනීමයි. ඒ සඳහා ලෝක සත්වයා හට බුද්ධ, ධම්ම, සංඝ රත්නය හැර අන් කිසි පිහිටක් ආශීර්වාදයක්, පිළිසරණක්, පරම ප්‍රතිෂ්ඨාවක් කිසි කලකවත් ලබන්න බැහැ.
* වෙසක් සමයේ දී ප්‍රතිපත්ති පූජාවට මෙන්ම ආමිස පූජාවන් කෙරෙහි ජනතාවගේ යොමු වීමත් දකින්නට පුළුවන්. වෙසක් සමයේ දක්නට ලැබෙන මේ පිබිදීම ඔබ වහන්සේ දකින්නේ කොහොම ද?
මේ කාලයේ දී මේ පූජා විධි දෙක සම්බන්ධයෙන්ම විශේෂිත කැපවීමක් දක්නට පුළුවන්. ඒත් වැඩිදෙනා නැඹුරු වන්නේ ප්‍රතිපත්ති පූජාවට නෙමෙයි, ආමිස පූජාවට යි. බුදුරජාණන් වහන්සේ සැමවිටම දේශනා කර තිබෙන්නේ ප්‍රතිපත්ති පූජාව ශ්‍රේෂ්ඨ වන බවයි.
බුදුන් දේශනා කර වදාලේ ආගමක් නෙවෙයි, අනුගමනය කළ යුතු දැක්මක්. බුදුදහම මඟින් සෑම ආගමකම පොදු ඉගැන්වීම් වන සර්ව බලධාරී දෙවියන් වහන්සේ, ස්වර්ග රාජ්‍ය, දේව කැමැත්ත, ආත්මය, මෝක්ෂය වැනි සියලු ඉගැන්වීම් ප්‍රතික්‍ෂේප කළා. එසේම සෑම ආගමකම වාගේ දක්නට ලැබෙන මෙවැනි දේ මුළුමණින්ම බැහැර කරලා මිනිසාව දහමකට නැඹුරු කළා. ප්‍රතිපත්ති සහගතව දිවි ගෙවමින් අවබෝධයෙන් පරතෙරට යාමට මඟ උන්වහන්සේ දේශනා කළා. ධර්මය දකින පුද්ගලයකු වෙනුවෙන් ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දෙමින් අප ක්‍රියා කළ යුතු වන්නේ මේ නිසයි.
ඒත් වර්තමානය වන විට අපට පැහැදිලිව දකින්න ලැබෙන්නේ ප්‍රතිපත්ති පූජාවට වඩා ආමිස පූජාවට තැන දෙමින් ජනතාව කටයුතු කරන බවයි. බුදු හිමියන් පිදිය හැකි මේ ක්‍රම දෙක අතරින් උන්වහන්සේ වඩාත් අගය කළේ ප්‍රතිපත්ති පූජාව යි. ප්‍රතිපත්ති පූජාවට මිලක් වැය වන්නේ නැහැ. ප්‍රතිපත්ති පූජාව පිළිබඳ නිසි ලෙස නොදන්නා අය ආමිස පූජාව මඟින් පමණක් සෑහීමකට පත් වෙනවා. සීල, භාවනා ආදි ප්‍රතිපත්ති පූජා බුදුරදුන් පුදන්නට සුදුසුම ක්‍රම විදියට දක්වන්න පුළුවන්.
* ඔබ වහන්සේ සඳහන් කරන්නේ ආමිස පූජාවෙන් පුණ්‍ය කර්මයක් සිදුවන්නේ අව ප්‍රමාණයෙන් බව ද?
ආමිස පූජාව මඟින් පිනක් සිදුවෙනවා. ඒ මඟින් කෙලෙස් ප්‍රහීන කිරීමට මඟ පෑදෙනවා. ලෝභ ද්වේශ මෝහ නමැති ක්ලේශ පහ කිරීමට ආමිස පුජාව උපකාර වන බව පැවසිය යුතුයි. එහෙත් අපේ ජනතාව ආමිස හා ප්‍රතිපත්ති යන පූජා දෙවිදියම කරන්නේ දැනුම් තේරුම් ඇතිව නෙවෙයි. කරන්නන් වාලේ ඔහේ කිරීමක් තමයි දක්නට ලැබෙන්නේ. ආමිස පූජා ලෙස දන් දීම අසරණ සරණය, ගිලානෝපස්ථානය, මල් පහන්, සුවඳ දුම් පූජා කිරීම, අසුහාරදහසේ පහන් පූජා, අටවිසි බෝධි පූජා, සත්බුදු පූජා, තෙසැත්තෑ ඤාණ පිංකම, ශතාධික සංඝගත දක්ෂිණා යන දේ හඳුන්වන්න පුළුවන්.
මේ පූජා පිළිබඳ නිසි ලෙස දැනුවත් නොවී එය සිදු කළහොත් පූජාවේ විශාලත්වය තරමට පින විශාල නොවන්න පුළුවන්. යමෙක් මානය වැනි අකුසල සිතිවිලි පෙරදැරි කරගෙන සියක් නමකට දන් දුන්නාට වඩා පැහැදුණු සිතින් යුක්තව සංඝයා වහන්සේ නමකට දානය පුජා කළොත් පෙර පුද්ගලයාට වඩා වැඩි පිනක් මේ පුද්ගලයාට අත්කර ගන්න පුළුවන්. මේ නිසා ආමිස පූජාවෙන් ඵල ලැබීමට නම් ඒ පිංකම පිළිබඳ සිත මෙහෙයවා කුසල් සිතුවිලි දියුණු කර ගත යුතුයි. කුඩා පිංකමක් හෝ කර ඒ පිළිබඳ නැවත නැවත මෙනෙහි කර සතුටු වනවා නම් විශාල ආනිසංශයක් හිමි කර ගන්න පුළුවන්.
* වර්තමානය වන විට සමහරු අනෙකා කරන නිසා තමන් එම තත්වය ඉක්මවා දන් දීමට යන අවස්ථා දකින්න පුළුවන්. මෙවැනි ආමිස පූජා මඟින් පිනක් අත්කර ගන්න පුළුවන් ද?
දානයක් දෙන්න ඕන, අනෙක් අයට අභියෝගයක් වන විදිහට නෙවෙයි. අනෙක් අය කරන නිසා තරගයට දන් දෙන්න යාම තුළ තිබෙන්නේ හීනමානයක්. දානයක් දෙන්න ඕන කාටවත් අභියෝගයක් කරන්න නොවේ. ඒ මඟින් කුසල සිතුවිලි ඇති වන්නේ නැහැ. කිලිටි සිතිවිලි ඇතිවන්නේ. ඒ නිසා පින් දහම් කොයිකත් කළ යුතු වන්නේ තම ශක්තිය අනුවයි. මහා විශාල දාන නොදුන්නාට ඔබේ පිඟානේ ඉතිරි වන ඉඳුල් ටිකෙන් කුඩා සතෙක් හරි කුසගිනි නිවා ගනිත්වා යන සිතිවිල්ලෙන් එය ඉවත් කළොත් එම දානයෙන් පවා ඔබට පිනක් සිදුවෙනවා. යමක් දන් දෙන්න නම් ඒ පිළිබඳ අප තුළ තිබෙන ආසාව ඇලීම වැනි දේ අත්හළ යුතුයි. යහපත් සිතින් දන් දුන්නොත් පිනක් සිදුවෙනවා.
* වර්තමානය වන විට අපි වෙසක් සමරන ආකාරය පිළිබඳ විවිධ විවේචන තිබෙනවා. අප වෙසක් දින සමරන ආකාරය නිවැරදි ද?
වෙසක් පෝය දවස කියන්නේ නිදහස්ව ආගමික වත්පිළිවෙත් කළ යුතු දවසක්. සීල, භාවනා වැඩිය යුතුයි. ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දිය යුතුයි. ඒත් අද සිදු වන්නේ එය නොවෙයි. මේ නිසා අවබෝධයෙන් යුතුව වෙසක් සැමරීමට කටයුතු කළ යුතුයි.
*සෙත් පිරිත්, ධම්ම චින්තාව අහලා දවස ආරම්භ කරන අපේ රටේ මිනිස්සු ඊට පස්සේ කරන්නේ අපරාධ, මිනීමැරුම් අතින් ලෝක වාර්තා තබන එකයි. ධර්ම ද්වීපයක් තුළ මෙවැනි දේ සිදුවන්නේ භික්ෂූන් වහන්සේලා අතින් විය යුතු මෙහෙවර නිසියාකාරව නොවන නිසා යැයි සමහරු පවසනවා. මේ පිළිබඳ ඔබ වහන්සේ දරන්නේ මොන වගේ මතයක් ද?
භික්ෂුන් වහන්සේලා බොහෝදෙනා තම යුතුකම් ඉටු කරනවා. භික්ෂුව සෑම මොහොතකම ජනතාව සුමඟට යොමු කිරීමට ක්‍රියා කරනවා. එහෙත් වර්තමානයේ පවත්නා සමාජ රටාව තුළ මොන බණ දහම කියා දුන්නත් තරගකාරිත්වය පසුපස දුවන දූෂිත සිත්වලින් යුතු මිනිසුන්ට හොඳ නොහොඳ අවබෝධ කර ගන්න බැහැ. ධර්මය අසන බව දැහැමිව දිවි ගෙවන බව පෙන්වනවා. ඒත් කටයුතු කරන්නේ වෙනස් ආකාරයකට යි. බොහෝ දෙනා දිවි ගෙවන්නේ බොරුවෙන් වංචාවෙන්.
ජනතාව පත්ව ඇති මේ තත්වයෙන් ඔවුන් ගොඩගැනීම භික්ෂුවට පමණක් තනිව කළ හැකි දෙයක් නොවේ. ඒ සඳහා රාජ්‍ය මැදිහත්වීමක් අවශ්‍ය යි.
* මේ වෙසක් සතියේ දී ඔබ වහන්සේ ජනතාවට දෙන පණිවිඩය මොකක් ද?
ගුණධර්ම පෝෂණය වන විදියට අපරාධ නැති වන විදියට දිවි පැවැත්ම ගොඩනඟා ගන්න කටයුතු කිරීම වැදගත්. ආමිස පූජාව ධාර්මික පසුබිමක් තුළ කළ යුතුයි. තොරණ, දන්සැල් පැවැත්වූවාට වරදක් නැහැ. ඒත් ඒ වෙනුවෙන් කරන අනවශ්‍ය මුදල් නාස්තිය ගමේ සිටින ගෙයක් දොරක් නැති කෙනකුට ගෙයක් හදා දෙන්න වියදම් කරන්න පුළුවන් නම් ඒක ඉතාමත්ම වටිනා දෙයක්. යහපත් සිතින් කරන මේ දානයෙන් මහත් වූ පිනක් අත් කර ගන්න පුළුවන්.
සාකච්ඡා කළේ
ඉරෝෂිණී දීපිකා
ඉරෝෂිණී දීපිකා
http://www.dinamina.lk/2014/05/16/_art.asp?p=1&fn=f1405163
Subscribe to:
Posts (Atom)




